බන්දනාගාර නිලදාරීන් වදකයින් වූ වගයි.



හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් බරනදුලාගේ රොෂාන් ප්‍රනාන්දු වේ. වයස අවුරුදු 26 යි. 2013.09.14 දින පයාගල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන 2013.09.16 දින කළුතර මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. ඔහුට 2013.09.18 දින කළුතර බන්දනාගාරයේදී ඔහුට බන්දනාගාර නිලදාරීන් විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. ඔහුව නාගොඩ මහා රෝහලට ඇතුලත් කර තත්වය අසාද්‍ය බැවින් කොළබ ජාතික රෝහලට මාරු කර යවන ලදී. ඔහු කොළබ ජාතික රෝහලේ 63 වන වාට්ටුවේ 22 වන ඇදෙ ප්‍රතිකාර ලබමින් සිටි. ඔහු සිටින්නේ අපරාදකාර බන්දනාගාර නිලදාරීන් යටතේය. ඔහුගේ 51 හැවරිදි මව විසින් 2013.09.23 තම පුතාගේ ආරක්ෂාව පතා මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, බන්දනාගාර කොමසාරිස් ජනරාල්ට සහ කළුතර බන්දනාගාර අදිකාරිට ලිකිතව පැමිණිලි කළාය. එම ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. හැබැයි බන්දනාගාර පුවරු වල සිරකරුවෝද මනුෂ්යෝ යනුවෙන් සටහන් ව ඇත.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංස පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ 01.

03. බන්ධානාගාර කොමසාරිස් ජනරාල්
    150, බේස්ලයින් පාර,
    කොළඹ 09.

04. බන්ධණාගාර අධිකාරී
     ක`ඵතර බන්ධනාගාරය,
     මල්වත්ත පාර,
     ක`ඵතර උතුර.

ලිඛිත පැමිණිල්ල

ගිංතොට විදානලාගේ අනුලාවතී, අවු: 51යි, විවාහක, දරුවන් 06යි.
කජු¥ව, ගිහිගල් ගොඩැල්ල, පයාගල.
2013.09.23 දිනදීය.

බරනාදුලාගේ රොෂාන් ප‍්‍රනාන්දු මාගේ පුතා (අවු: 26යි)*.

2013.09.14 වන දින, පයාගල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන, 2013.09.16 දින ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධණාගාර ගත කරන ලදි.

පසු දින 2013.09.17 වන දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

2013.09.18 වන දින, ක`ඵතර බන්ධනාගාරයේදී, පුතාට බන්ධනාගාර නිලධාරීන් විසින් නැගීටීමට නොහැකි වන සේ පහරදී තිබින. ක`ඵතර බන්ධනාගාර රෝහල පුතාව නාගොඩ මහා රෝහලට ඇතුලත් කරන ලදි.

නාගොඩ මහා රෝහලින් පුතාගේ තත්වය අසාධ්‍ය බැවින්, ඔහුව කොළඹ ජාතික රෝහලට මරු කරනු ලැබීය.

දැන් පුතා - කොළඹ ජාතික රෝහලේ 63 වන වාට්ටුවේ - 22 වන ඇඳේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

ඔහු සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් යටතේය.

ඔහු කිව්වේ - මට ආයෙත් නැගිටින්න වෙන්නේ නැහැ කියායි.

බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ සනීප වූ ගමන් පුතාව මොනරාගල බන්ධනාගාරයට මාරු කරන බවත්, එහිදී ඔහුගේ අතපය කඩන බවත්ය.

මා ඉල්ලා සිටින්නේ - මාගේ පුතාව රොහලෙන් මුදා හැරීමට පෙර, මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසටයි.

තවද මා ඉල්ලා සිටින්නේ - ඔහුට ආරක්ෂාව සලසන ලෙසටයි.

මාගේ පුතාට පහර දුන් බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙම කාරණය අදාලව මා විසින් 2013.09.18 දාතමින් එවන ලද ෆැක්ස් පත කෙරහි අවධානය යොමු කර සිටිමි.


ජී.වී. අනුලාවතී,