නූරිය වත්තේ අත කොටාගේ භිෂණයට උදව් කලේ මහීපාල හේරත්




අමිල ගුණරත්න 

 මහ ඇමති මහීපාල හේරත් හා ඔහුගේ පුතා විසින් නූරිය වත්තේ භිෂණ තත්වය නිර්මාණය කිරීමට උදව් කල බව පරීක්ෂණ වලදී හෙළි  පවතී.  මහීපාල හේරත් හා ඔහුගේ පුතාගේ අනුග්‍රය යටතේ නූරිය වත්තේ අත කොටා  ප්‍රදේශයේ වදකාගාරයක් වසර දහයකට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ගොස් තිබේ. නීති විරෝධී කසිප්පු වෙළඳාම, රජයේ  රක්ෂිත වලින් හොරෙන් ගස් කැපීම  කප්පම් ගැනීම වැනි කටයුතු අත කොටාගේ කල්ලිය විසින් සිදු කොට ඇති අතර මොවුන් විසින් නීති විරෝධී අයුරින් උපයන ලද මුදල් වලින්  මහ ඇමති මහීපාල හේරත්ටද ගෙවීම් කොට තිබේ. අත කොටා ඇතුළු කල්ලිය විසින් මනුෂ්‍ය ඝාතන , ගෙවල් ගිනිතැබීම් සහ ස්ත්‍රී දුෂණ විශාල සන්කියාවක් මේ වකවානුව පුරා  සිදු කොට ඇත.  මොවුන් විසින් නූරිය වත්තේ සෙවනම්මා නමැති කාන්තාවගේ  පුතුන් තුන්දෙනකුත්, එක් දුවෙකුත්  මරා දමා තිබේ. ඇයගේ දියණිය වන බගවතී මරා දමන ලද්දේ වීදුරුකටු කවා මෝල්ගහක් යෝනි මාර්ගයට බැස්සීමෙනි. මේ මැර කල්ලිය විසින් සිදු කරන ලද අපරාධ මහ ඇමති මහීපාල හේරත් ගේ නියෝගය මත  පොලිසිය විසින් විභාග  කොට නොමැත. සමහර අවස්ථා වලදී  පැමිණිලි කල පුද්ගලයන් පිලිබඳ විස්තර පොලිසිය විසින් නූරිය වත්තේ අත කොටා වෙත ලබා දෙන ලදී.