පො කෝ 66053 අබේසේකර කනක් කයි.



හර්ෂි සි. පෙරේරා 

ශ්‍රී ලංකාවේ වඩාත්ම දුෂිත ආයතනය පොලිසියයි. මේ එහි දුෂිත නිලදාරියෙකු පුරවැසියෙකුගේ කනක් කැමට අදාල සිදුවීමයි. චායාරුප සහ එම පුරවැසියා අදාල ආයතන වලට කල ලිකිත පැමිණිල්ල පහතින් පල වේ. 


01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02.  එන්.කේ. ඉලංගකෝන් මහතා
     පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01


කණ සපා කා බරපතල තුවාල සිදු කළ මොරවක පොලිස්ථානයේ, පො.කො. 66053 අබේසේකරට එරෙහිව නීතිමය පියවර නොගැනීම.

ගාමිණී හතරසිංහ, වයස අවු: 43 යි, විවාහක, දරුවන් 04 යි, රැුකියාව: රියදුරු.
ලිපිනය: සුවඳ වැලිපොත, වීරපාන,  ඕපාත.  දුරකතන අංකය: 071 9371275

2013.08.24 වන දින දීය.

2013 ජූලි 29 වන දින, මා තවලම කොළඹ, බස්රථයේ රියදුරු ලෙසට වැඩකොට, රාත‍්‍රී 9.00 ට පමණ ඇසල තොරණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට එතැනට ගියා. 

 ඕපාත, යුගමිනි මිතුරු සංසදය විසින්,  ඕපාත මංසංදියේ ඉදිකරන ලද ඇසල තොරණ විවෘත කිරීම සඳහා මට ආරාධනයක් ලැබුනා.

මට ආරාධනා කර තිබුනේ, 23 වන දින විවෘත කිරීමට. එදිනට සහභාගී වීමට නොහැකි බව මෙම සංවිධානයේ සංවිධායකයකු වන වජිර නැමැත්තාට කියා සිටියා. ඔහු එදින වෙනුවට 29 වන දින පැමිණෙන ලෙසට මට දැනුම් දුන්නා.

විවෘත කිරීම යනුවෙන් මෙහි අදහස් කරන්නේ තොරණ ඉදිරිපිට සකස් කර තිබෙන මැටි පහන් වැටේ, පහනක් පත්තු කර රුපියල් 1000රැුු ක් සංවිධායකු අතට ලබාදීමය. එවිට එය ශබ්ද විකාශනයෙන් නම හා ලබාදුන් ආධාරය ප‍්‍රකාශයට පත් කරනවා.

මෙම වැඩපිළිවෙලට එක්වීම සඳහා, මට ලැබී තිබුන ආරදනය අනුව, 2013.07.29 වන ින රාත‍්‍රී 9.00 ට එතැනට ගියා.

තොරණ අසල තිබූ වේදිකාවට ගොස් දැනුම් දෙන්නට යනවාත් සමගම අසල සිටි ”අබේසේකර” නැමැති අය ”අඹයා කොළඹ යන්න වගේ” කියමින් මාගේ ඉල ඇට වලට ඇඟිල්ලෙන් ඇන්නා. මට රිදුනා. මමද ඔහුට ඇඟිල්ලෙන් ඇන්නා. එවිට ඔහු උඹ කව්ද ” හු ..... පු ....” මට ඇඟිල්ලෙන් අනින්නේ, හිටපිය මම පුතාට කියමින්, අසල සිටි ඔහුගේ පුතා වන අසංක අබේසේකරට කත කළා. 

අසංක අබේසේකර, ඇසල උත්සව කමිටුවේ සභිකයෙක්. ඔහු වහා මාවෙතට පැමිණ, වේලයෙන් මගේ කණට ගැහැව්වා. එ් සමගම ඔහු මගේ ෂර්ට් කොලරයෙන් බෙල්ල හිරවෙන්න අල්ලා, නැවත ගහන්න උත්සාහ ගත්තා. මා වැටෙන්නට ගියා. මා ඔහුගේ කලිසමෙන් අල්ලා ගත්තා. මාව වැටුනා. ඔහු මගේ ඇඟ උඩට වැටුනා. එ් සමග ඔහු මගේ කණ කාගෙන කාගෙන ගියා. මම කෑගැව්වා. අසල නිලධාරීන් තුන්දෙනෙක් එතැනට ආවා. අසංක අබේසේකර නැගිට එතැනින් යන්නට ගියා. බිම වැටී සිටි මාව පොලිස් නිලධාරීන් නැගිට්ටෙව්වා. මගේ කණෙන් ලේ වැක්කෙරෙන්න වුනා. පොලිස් නිලධාරීන් ත‍්‍රී රෝද රථයක් ගෙන්වා මා රෝහලට පිටත් කළා.

මාව නග්ගවන ලද ත‍්‍රී රෝද රථයට තවත් තුන්දෙනෙක් නැග්ගා. එයින් එක් අයෙක්ව දුටුවොත් අඳුරනවා.

මාව රැුගෙන ගියේ හිනිදුම රෝහලට. කිලෝ මීටරයක් පමණ යන විට, මේ තිදෙනා මගේ බෙල්ල මිරිකා පහර දෙන්න සූදානම් වුනා. ඔවුන් කට වහගනින් තෝ කියමින් තමයි මගේ බෙල්ල මිරිකුවේ.

මා දඟලා, මාව මරණවෝ කියා කෑගැහැව්වා. ත‍්‍රී රෝද රථය නැවැත්තුවා. මම එයින් පැන බේරී, ගෙදරට දුව ගියා.

ගෙදරදී, නැවත ත‍්‍රී රෝද රථයක් ගෙන්වාගෙන හිනිදුම රෝහලට ගියා. එවිට රාත‍්‍රී 10.00 ට පමණ ඇති.

රෝහලේදී මට කිව්වා හිනිදුම පොලීසයට ගිහිල්ලා කට උත්තරයක් දීලා ඇවිත් ඉස්පිරිතාලේ නතර වෙන්න කියා.

එසේ මට කිව්වේ රෝහලේ ඇතුලූවන තැන සිටි, රෝහල් සේවකයෙක්. එ් අනුව හිනිදුම පොලීසියට ගියා. හිනිදුම පොලීසියෙන් මගේ පැමිණිල්ල ලියා ගත්තා. පොලීසි යමට පෝරමයක් දුන්නා. එය රැුගෙන නැවත රෝහලට ආවා.

එහදී මාව රෝහල් ගත කළා. මට බෙහෙතක් විද්දා. තුවාලයට බෙහෙත් දැම්මා. කරාපිටිය ශීක්ෂණ මහ රෝහලට යැවිය යුතු බව කිව්වා. පසුදින, (2013.07.30* උදේ 6.00 ට ගිලන් රථයෙන් මාව, කරාපිටිය ශීක්ෂණ රෝහලට යැව්වා.

එහිදී මාව ශෛල්‍යකර්මයකට භාජනය කළා. රෝහල් පොලීසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂා කළා. දින 11 කට පසුව මැහුම් කැපුවා. මගේ කණට මැහුම් 08 ක් දාලා තිබුනා.

මට පහර දී, මගේ කණ සපා කා, බරපතල තුවාල සිදු කළේ, මොරවක පොලිස් ස්ථානයේ සේවය කරන, පොලිස් කොස්තාපල් අසංක අබේසේකරය.

 මෙම අපරධය පිළිබඳව හිනිදුම පොලීසිය කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැත. 

එම නිසා පොලිස්පතිට දුරකතනයෙන් දැනුම් දුන්නා. මට උපදෙස් දුන්නා ෆැක්ස් මගින් දැනුම් දෙන්න කියා. එ් උපදෙස් අනුව 2013.08.03 වන දින ෆැක්ස් මගින් දැනුම් දුන්නා.

නමුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. නැවත මා පොලිස්පති කාර්යාලයට 2013.08.10 දින කතා කළා. නැවත ෆැක්ස් එකක් එවන ලෙසට දැනුම් දුන්නා. එයට කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. මේ නිසා ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියා. එහිදී මට පෝරමයක් දුන්නා පුරවා දෙන ලෙසට. මා පුරවා දුන්නා.

එයින් පසුව 2013.08.23 වන දින, මට හිනිදුම පොලීසියට පැමිණෙන ලෙස දුරකතන පණිවිඩයක් දුන්නා. එ් අනුව මා, 2013.08.23 වන දින උදේ 8.30 ට හිනිදුම පොලීසියට ගියා. මට කිව්වා ඉන්න කියා. 

දහවල් 10.00 ට පමණ අසංක අබේසේකර, ඔහුගේ මව, පියා සහ මල්ලිලා දෙන්නෙක් ත‍්‍රී රෝද රථයකින් පැමිණියා. 

ආ සැටියේම ඔවුන් සියලූ දෙනා ස්ථානාධිපතිගේ කාමරයට ගියා. එ් සමග මටද කතා කළා. ස්ථානාධිපති මගෙන් ඇහැව්වා මොකද කරන්නේ කියලා. මම කිව්වා නඩු දාන්න කියලා.

එවිට අසංක අබේසේකර කිව්වා, මම එතැන හිටියේ නැහැ කියලා. ඔහු ඩියුටි බවද කිව්වා. එවිට ස්ථානාධිපති කිව්වා, එ් තොරතුරු ගෙන්න ගන්න කියා, එතැන සිටිය රාළහාමි කෙනෙකුට කිව්වා.

ස්ථානාධිපති මට කිව්වා දැන් යන්න, පසුව දන්වන්නම් කියා. 

මොරවක පොලීසියේ සේවය කරන, පො.කො. අසංක අබේසේකර 66053, 2013.07.29 වන දින මගේ කණ සපා කා, බරපතල තුවාල සිදු කර දැනට මාසයකට ආසන්න වුවත්, ඔහුට විරුද්ධව පොලීසිය නීතිමය පියවර ගැනීමෙන් වැලකී සිටින බව ප‍්‍රකාශ කරමි. 

ඔහු තවමත් නිරුපද්‍රිතව පොලිස් සේවයේ නිරතව සිටී. 

මා ඉල්ලා සිටින්නේ, තවදුරටත් ප‍්‍රමාද නොකර නීතිමය පියවර ගන්නා ලෙසටයි.

තවද, 2013.07.27 වන දින මා විසින් හිනිදුම පොලීසියට කරන ලද මුල් පැමිණිල්ලේ 

1* මට පහර දී, මාගේ කණ සපා කෑම

2* ඒ අවස්ථාවේ මාගේ රියදුරු බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත හා රු: 17500රැුු ක් එම ස්ථානයේ වැටුණු බව සඳහන් කළෙමි.

මුදල්, රියදුරු බලපත‍්‍රය හා ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇත්තේ තොරණ සංවිධායකයින් බව අවධාරණය කරමි.

මේ සම්බන්ධයෙන්ද පොලීසිය කිසිදු සොයා බැලීමක් කරනු ලැබුවේ නැත.

මා ඉල්ලා සිටින්නේ,

මේ අපරාධය කළ පොලිස් කොස්තාපල් බේරා ගැනීම සඳහා අපරාධයක් වසන් කිරීමට ගන්නා උත්සාහයෙන් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි. තවදුරටත් ප‍්‍රමාද නොකර නීතිමය පියවර ගන්නා ලෙසටයි.


ගාමිණී හතරසිංහ