අබිමානවත් පොලිසියේ තවත් වදහිංසා පැමිණවීමක් .



හර්ෂි සි. පෙරේරා 

උක්වත්තේ පත්මසිරි 38 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. රැකියාව නවින්න ආර්පිකෝ සමාගමේ කම්කරුය. අංක 23 බි, ගොඩිගමුව, ගෝනපල හන්දිය හි පදිංචිව සිටි. 2013.07.11 දින හෙතෙම පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසම් සබාවට සහ පොලිස්පති වෙත යොමු කරන ලදී. 2013.07.10 දින ඔහුව මිරිහාන පොලිසියෙන් කියා අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම පොලීසියෙනි. අබාදිත මොහුට ගොඩා ගැන අසමින් පහර දී තිබේ. 2013.07.11 දින උදේ 9.30 ට පමණ නිදහස් කර ඇත. ඒ 2013.07.16 දින උසාවි එන ලෙස නියම කරමිනි. ඔහු ලිකිත පැමිණිල්ල මගින් නිතිවිරෝදිව අත්අඩංගුවට ගෙන බියවද්දා බොරු නඩු දැමීමට විරුද්දව අදාල නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලුවේය.

 

01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08


02. පොලිස්පති
    නව මහලේකම් කාර්යාලය
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

ලිඛිත පැමිණිල්ල

උක්වත්තගේ පත්මසිරි, අවු: 38 යි, (ජා.හැ.අ. 742581586 ) විවාහක, දරුවන් 01 යි. රැුකියාව කම්කරු -  නාවින්න ආර්පිකෝ සමාගම.
ලිපිනය: 23 ඊ, ගොඩිගමුව, ගෝනපල හංදිය. දුරකතන: 072 3544378

2013.07.11 වන දින දීය.

2013 ජූලි 10 වන දින උදේ 8.30 ට පමණ, මාගේ නිවසට, පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණියා. ඔවුන් කිව්වා මිරිහාන පොලීසියෙන් බව. ඔවුන් සිටියේ සිවිල් ඇදු`මින්. ඔවුන් කාරණය කිව්වේ නැහැ.  
ඔවුන් මාව යතුරුපැදියක මැදින් තබාගෙන රැුගෙන ගියා. ඔවුන් කිව්වේ, මාව එක්ක යන්නේ මාගේ එලවලූ කොටුවට කියා.

ඔවුන් මාව රැුගෙන ගියේ මාගේ එලවලූ කොටුවට නොවේ. එය තිබෙන තැනට කි.මී. 01 ක් පමණ ඈතින් පිහිටි, කැලෑබද පෙදෙසකට රැුගෙන ගියා. එතැන ගෝඩා බැරල් 04 ක් තිබුනා. මට රබර් ගහක් බදා ගන්න කියා පොල්ලකින් ගැහැව්වා. ඊට පස්සෙ මට කිව්වා බැරල් පෙරලන්න කියා. මම එකක් පෙරලූවා. අනෙක් එ්වා පෙරලන්න බෑ කිව්වා. මම එහෙම කිව්වෙ මම ආබාධිතයෙකු නිසා. මාගේ එක ඇසක් පේන්නේ නැහැ. අතේ ඇඟිල්ලක් යන්ත‍්‍රයකට කැපිලා.

එවිට මට යළිත් රබර් ගහක් බදා ගන්න කිව්වා. ගහට තියලා මාංචු දැම්මා. එයින් පසුව, දර ලීයක් රැුගෙන මට පහර දුන්නා. දිගටම ගැහැව්වෙ තට්ටම් වලට. මාගේ නොපෙනෙ ඇස පෙදෙසට එල්ල කරමින් මිට මොලවා පහර දුන්නා. මේ ආකාරයට පැය 1/4 ක් විතර ගැහැව්වා. මට පහර දෙන කොට, මාගේ මාමා වන එ්. ඞී. කරුණාරත්නද, එතැනට ගෙන ආවා. ඔහුටත් රබර් ගහකට තියා මාංචු දමා, පහර දුන්නා. 
ඉන්පසු අපි දෙන්නා ලවා, බැරල් හතර පාරට ඇද්දෙව්වා. පාරට ගෙන ආ පස,ු එතැනට පොලිස් ස්ථානාධිපති ආවා. මාවත්, මාමාවත් රබර් ගසකට තියා, දෙදෙනෙක් අල්ලාගෙන පහර දුන්නා. ගහන ගමන් දඟර ඉල්ලූවා. අපි දන්නේ නැති බව කිව්වත් ඇහැව්වේ නැහැ. එසේ පහර දී ඉතුරු ටික පොලීසියට ගහින් බලාගනිමු කියා, අප දෙදෙනාව බය ගන්වා පොලීසියට ගෙන ආවා. අප දෙදෙනාව කූඩුවට දැම්මා. රාත‍්‍රියේ මාව කූඩුවෙන් එළියට අරන් ඇවිදින්න කිව්වා. මට ඇවිදින්න බැරි වුනා. එවිට ඇප දෙනවා කිව්වා. මට, මාගේ බිරිඳ, අශෝකා මල්කාන්ති අත්සන් කළා. මාමාට, ඇප තිබ්බේ නැන්දා සිරියාවතී.

නමුත් නිදහස් කළේ නැහැ. අද උදේ 9.30 ට පමණ නිදහස් කළා. 2013/07/16 වන දින උසාවි එන්න කිව්වා. 

ඊට පස්සෙ ස්ථානාධිපති පොරොන්දු වෙන්න කිව්වා, නඩුව බාර ගන්නවා කියා. කිසිම තැනකට යන්න එපා කිව්වා. ගිහිල්ලා තිබුනොත් සතිය ගානෙ ගෙනල්ලා නඩු දානවා කිව්වා.

මම කූඩුවේ ඉන්නකොට, දෙන්නෙක් හිටියා. ඔවුන්ට ගහලා තිබුනා. එක්කෙනෙක් කිව්වා එයාට හොඳටම ගැහැව්වා, දුරකතන අංකය 072 5821013 දුන්නා ගෙදරට කතා කරලා කියන්න කියා.  එයා කිව්වා මානව හිමිකම් ගිය හින්දා හොඳටම ගැහැව්වා කියලා, කියන්න කියලා. එ් අනුව එ් නොම්මරයට කතා කොට, පනිවුඩය දුන්නා. 

මට පහර දුන් නිලධාරීන් දුටුවොත් අඳුරන්න පුලූවන්.

මා ඉල්ලා සිටින්නේ, 
නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන, බිය වද්දා බොරු නඩු දැමීමට විරුද්ධව අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. 

උක්වත්තගේ පත්මසිරි