පොලිසියට එරෙහිව පොලිසිය



හර්ෂි සි. පෙරේරා 

ඔහු නමින් සිවසංකර මුදියන්සේලාගේ නන්දප්රිය බණ්ඩාරය . වුරතියෙන් පොලිස් නිලදාරියෙකි. අංක 15/4, සුසන්ත මාවත, පානදුරේ පදිංචිව සිටි. හෙතෙම පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේය. ඒ තමාට ලැබිය යුතු  ස්ථාන මාරුව ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඔහුට වයස අවුරුදු 52 කි . තව වසර 03 කින් විශ්‍රාම යාමට නියමිතය. හෙතෙම සිය අසනීප තත්වයට මාසිකව කොලබ පොලිස් රෝහල් සයනයෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර දැනට ඉතාම දුරබැහැර ප්‍රදේශයක ජිවත් වේ.

     සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

හිමි ස්ථාන මාරුව ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.
සිවසංකර මුදියන්සේලාගේ නන්දප‍්‍රිය බංඩාර, අවු: 52 යි, (පො.සැ. 16306* විවාහක, දරුවන් 02 යි.
රාජකාරි ලිපිනය: සෙවනගල පොලිස්ථානය, මොනරාගල
පුද්ගලික ලිපිනය: 15/4, සුසන්ත මාවත, පානදුර.

01. 2012.02.05, මොරටුව පොලිස්ථානයේ රාජකාරි කරමින් සිටි මා, පොලිස්පතිතුමාගේ ස්ථාන 
    මාරුවකින්, සේවයේ අවශ්‍යතාවය බව සඳහන් කොට, වහාම ක‍්‍රියාත්මක වන පරිදි, මොනරාගල 
    පොලිස් වසමේ, හම්බෙගමුව පොලිස් ස්ථානයට මාරු කරන ලදි.

02. එම ස්ථාන මාරුවට අනුව, 2012.02.10 වන දින එකී පොලිස්ථානයේ වැඩ භාර ගතිමි.

03. හම්බෙගමුව පොලිස් ස්ථානයේ වසරක සේවයෙන් පසුව, මාගේ ඉල්ලීම මත, මොනරාගල, 
    සෙවනගල පොලිස්ථානයට මාරුවක් ලබාගෙන දැනට සේවය කරමි. 

04. මා, 1983.09.01 පොලිස් සේවයට බැඳුනු අතර, දැනට මාගේ සේවා කාලය අවුරුදු 31 කි. එම 
    සේවා කාලය තුල ක‍්‍රියාන්විත ප‍්‍රදේශ ඇතු`ඵව දුෂ්කර පළාත් සමග, විවිධ ප‍්‍රදේශ වල සේවය
    කළෙමි.

05. එම සේවා කාලය තුල, මා හට විරුද්ධව කිසිදු ආකාරයේ චෝදනාවක්, නොවූ අතර, සේවා 
    ඇගයීම්, ප‍්‍රශංසා හා විශේෂ ත්‍යාගද, වැටුුප් වර්ධකද, හිමිකරගෙන තිබේ.

06. එසේ තිබිය දී, වහාම ක‍්‍රියාත්මක වන පරිදි - සේවා අවශ්‍යතාවයක් ලෙසට සඳහන් කොට ස්ථාන 
    මාරු කළ බවට සඳහන් කර පසුව, එම ස්ථාන මාරු නියෝගය අවසානයේ, ඇල්පිටිය පුහුණු 
    විද්‍යාලයට කැඳවන ලෙසටද, සටහනක් යොදා තිබින.

07. කිසිදු ආකාරයක ”විනය” ප‍්‍රශ්ණයක් නොතිබූ හෙයින් මා එ් පිළිබඳව සැළකිලිමත් නොවීමි.

08. මොනරාගල පොලිස් වසමේ, වසර එක හමාරක, ඉතා සතුටුදායක සේවයෙන් පසුව, මා පදිංචි 
    පානදුර ප‍්‍රදේශයේ හෝ තදාසන්න පොලිස් වසමකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටියෙමි.

09. මේ ස්ථාන මාරුව නොලැබීම නිසා, මා පොලිස් මූලස්ථානයේ ස්ථාන මාරු භාර නියෝජ්‍ය 
    පොලිස්පතිතුමා පිරිස් හා පාලන හමුවී, මා හට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට ඉල්ලා 
    සිටියෙමි.   

10. එ් අවස්ථාවේ, නියෝජ්‍ය පොලිස්පතිතුමා පිරිස් හා පාලන - මාගේ පුද්ගලික ලිපි ගොනුව පරීක්ෂා
    කර,  ”විනය” කාරනාවක් මත මාරු කර ඇති නිසා, මා හට මාරුවීමක් දිය නොහැකි බව ප‍්‍රකාශ 
    කළා.



11. මා හට, කිසිදු අවස්ථාවක, විනය චෝදනාවක් එල්ල වී නොමැති බවත්, මාගෙන් ”විනය” 
    චෝදනාවක් අනුව කිසිදු ප‍්‍රකාශයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිතුමා පිරිස් හා
    පාලන වෙත මා ප‍්‍රකාශ කළා. නමුත් එ් පිලිබඳව ඇහුම්කන් දීමක් කළේ නැත.


12. සිය`ඵම සුදුසුකම් තිබියදී, ”විනය” හේතුවක් ඇති බව ප‍්‍රකාශ කරමින් ස්ථාන මාරුව ලබා නොදීම 
    යුක්ති සහගත නොවන බැවින්, මා හට තිබෙන ”විනය” චෝදනාව කුමක්දැයි විමසූ විට එය 
    ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කළේය. 

13. ඉහත සදඟන් පරිදි මාගේ දැනට වයස අවු:52 කි. මා තව වසර තුනකින් විශ‍්‍රාම යෑමට නියමිතය.
    තවද මා, අසනීප තත්වයෙන් පසුවන අතර මාසිකව කොළඹ පොලිස් රෝහල් සායනය මගින් 
    ප‍්‍රතිකාර ලබාගන්නා බවද ප‍්‍රකාශ කරමි.  දැනට මා සේවය කරන්නේ ඉතාමත් දුරබැහැර දුෂ්කර 
    ප‍්‍රදේශයකය. 


මා, සේවා අවශ්‍යතාවය මත බව ප‍්‍රකාශ කර, ස්ථාන මාරු කොට, නිශ්චිත සේවා කාලයෙන් පසුව මට හිමි ස්ථාන මාරුව ඉල්ලා සිටි විට, එය ප‍්‍රතික්ෂේප කිරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරමි. 

තවද, ඉහත සදඟන් පරිදි මාගේ දැනට වයස අවු: 52 කි. මා තව වසර තුනකින් විශ‍්‍රාම යෑමට නියමිතය. තවද මා, අසනීප තත්වයෙන් පසුවන අතර මාසිකව කොළඹ පොලිස් රෝහල් සායනය මගින් ප‍්‍රතිකාර ලබාගන්නා බවද ප‍්‍රකාශ කරමි. දැනට මා සේවය කරන්නේ ඉතාමත් දුරබැහැර දුෂ්කර ප‍්‍රදේශයකය. ඉහත කරුණු සලකා බලා 

මා ඉල්ලා සිටින්නේ, මා හට හිමි, ස්ථාන මාරුව ලබාදෙන ලෙසටයි.
 


සිවසංකර මුදියන්සේලාගේ නන්දප‍්‍රිය බංඩාර