හර්ෂි සි. පෙරේරා
නුවන් සංජිව 22 හැවිරිදි විවාහක රැකියාව වෙළදාම කරගත් තැන්නහේන ,ඉඩන්ගොඩ, කිරිඇල්ලේ පදිංචිකරුවෙකි. රුවන් චාමර පෙරේරා 25 හැවිරිදි අවිවාහක වෙළදාම රැකියාව කරගත් තරුණයෙකි. ඔහු කුරුගම්මෝදර, කිරිඇල්ලේ පදිංචිකරුවෙකි. රුවන්ව 2013.07.03 දින කිරිඇල්ල පොලිසිය විසින් මද්යම රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. නුවන් සන්ජිවව 2013.07.02 දින රාත්‍රියේ කිරිඇල්ල පොලිසිය මගින්ද අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනාවම පොලිසියට ගෙන යන අතරතුරේදීත් පොලිසියේදීත් කුණුහරුප කියමින් බැන වැදී පහරදීද ඇත. රුවන්ව මරලා හංගන බවටද පොලිසිය තර්ජනය කර ඇත. මොවුන් දෙදෙනාටම මෙසේ බැනවදිමින් තර්ජනය කරමින් පහරදී ඇත්තේ 2013.07.01 දින කුරුගම්මෝදර ඇගලුම් කම්හල (51 කණුව ) අසලදී ඉඩන්ගොඩ හරක් මස් කඩ හිමි ගවුස් නමැති අයට පහරදී ඔහුගේ යතුරු පැදිය පිළිස්සීම සම්බන්දයෙන් වරද පිළිගන්නා ලෙස කියමිනි. දෙදෙනාවම රත්නපුර මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාර ගතකර පසුව ඇප මත මුදා හැර තිබේ. නුවන් සහ රුවන් සිදුවූ අසාදාරනය පිළිබදව 2013.07.10 දින ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ රත්නපුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළහ. අදාල ලිකිත පැමිණිලි පහතින් දැක්වේ.
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.
02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
රත්නපුර.
(සබරගමුව පළාත*.
ලිඛිත පැමිණිල්ල
බෙනරගම විදාන ආරච්චිලගේ රුවන් චාමර පෙරේරා, අවු: 25යි, ජා.අහැ.අ.873314141ඪ, අවිවාහක, වෙළඳාම.
ලිපිනය : කුරුගම්මෝදර, කිරිඇල්ල. 0726118611
2013.07.10 දිනදීය.
2013.07.03 දින, මධ්‍යම රාත්රියේදී (12.30ටපමණ* මා ගෙදර නිදාගෙනඉන්න කොට, කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් නිවසට ඇතුලූවී, නිදාසිටි මාව ඇහරවා අත්අඩංගුවට ගත්තා. එක් අයෙක් මගේ බෙල්ලෙන් අල්ලා- වරෙන් යනන් කියා ඇද්දා.
මම ඇහුව්වා ඇයි කියා. පොලිසියට ගිහිල්ලා බලාගමු කිව්වා. දහදෙනෙක් විතර එතන හිටියා. ඔවුන් හිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් හොඳටම බීලා හිටියේ.
ඔවුන් මට අසභ්‍ය වචන වලින් බැන්නා. මගේ මව, නංගිලා දෙන්නා, තාත්තා ඇහුව්වා ඇයි ගෙනියන්න හදන්නේ කියා. කාරණය කිව්වේ නැහැ.
මගේ බෙල්ලට ගැහුව්වා. පයින් ගැහුව්වා. ඇදගෙන යනකොට අම්මා ෂර්ට් එකක් ගෙනත් දුන්නා. ජීප් එක ලඟට ඇදගෙන යනවිටත් අතින් පයින් ගැහුව්වා. ජීප් එක ළඟදි මාව ජීප් එක ඇතුලට තල්ලූ කලා.
මම වාඩිවුනාට පස්සේ මගේ ඉස්සරහින් වාඩිවූ 32174 නිලධාරියා ඔහුගේ කකුල් දෙක මගේ ඔඩොක්කුවේ තියා පපුව තල්ලූ කලා. පොලිසියට යනකම්ම මට කුණූ හරප කියා බැණ්නා. මරලා හංගල දාන බවට තර්ජණය කලා.
පොලිසියට යනකොට, වේලාව පසුදින අලූයම 12.45 පමණ වේ. මා දුටුවා නුවන් සමීර කූඩුව ඇතුලේ ඉන්නවා. මාව වෙනත් කූඩුවකට දැම්මා. කූඩුවට දාන්න ඉස්සෙල්ලා, අපරාධ අංශයේ ස්ථානාධීපතිගේ කාමරයට ගෙන ගිහින් මට අපරාධ අංශයේ ස්ථානාධීපති එන්.වීරසිංහ විසින් තෝ බයිසිකලයට ගිණි තිබ්බා නේද කියමින්, මට කුණූහරප කියමින්, උඹට ඉඩංගොඩ කඩ කඩපුවාට, බෝම්බ දාලාඇතුලට දානවා කිව්වා. අපරාධ අංශයේ එන්.වීරසිංහ මට තෝ..., හු....පු... හා වෙනත් කුණූහරප කියමින් අපහාස කලා.
කූඩුවට දාන්න ඉස්සෙල්ලා මාගේ ෂර්ට් එක ගලවා විසි කලා.
මම සීතලෙන් ගැහෙන්න ගත්තා. එ්.් ෂර්ට් එක අඳින්න දුන්නේ නැහැ.
වරින්වර 32174 මා ලඟට පැමිණ, සාක්ෂි තියෙනවා, ෆොටෝ තියෙනවා, දැකපු මිනිස්සු ඉන්නවා කියා මට කුණූහරපෙන් බැන්නා. මා කිව්වා තියෙනවානම් පෙන්වන්න කියා. එවිට මට බැණවදිමින් උඹේ පණ්ඩිතකම් වැඩියි කිව්වා.
උදේ 6.00ට විතර, ගවුස් නැමැති අයද, තවත් මුස්ලිම් ජාතිකයෙක් හා ළමයෙක් මා සිටි කූඩුව ලඟට ගෙනවිත්, මා හොඳට බලාගන්න යයි කිව්වා. ඊට පසුව ස්ථානාධිපතිද ඇවිත් කුණූහරප කියා බැණ්නා. තෝ කලා නේද කියා ඇසුවා. ඔහු කිව්වා වීඩියෝ තියෙනවා, ෆොටෝ තියෙනවා, සාක්ෂි තියෙනවා කිව්වා. මම කිව්වා පෙන්නන්න කියා. ඔහු යන්න ගියා.
ඊට පස්සේ කූඩුවෙන් අරන් අපරාධ අංශයට ගෙන ගියා. එහිදී අපරාධ අංශයෙ ස්ථානාධිපති- එන්.වීරසිංහ තෝ දණගහගනින් කිව්වා. මම දණ ගැහුව්වා. මගේ නම, වයස ආදිය විස්තර අසා ලිව්වා. එයට අත්සන් කරන්න කිව්වා. මම ඇහුව්වා කියවන්න දෙන්න පු`ඵවන්ද කියා. ඔහු මට තව එනවද කියවන්න කියා කුණුහරප කියා බැණ බලෙන් අත්සන් ගත්තා.
ඊලඟට මගේ ඇගිලි සලකුණූ ගත්තා.
දහවල් මාවත්, නුවන් සංජීවවත් රෙදිවලින් වසා ජීප් එකේ නංවාගෙන උසාවියට ගෙන ගියා.
උසාවියේ, මහේස්ත්රාත්වරයාගේ කාමරයට ගෙන ගියා. පෙරට්ටුවක් තියෙනවා කියා, 2013.07.05 දක්වා රිමාන්ඞ් භාරයට පත් කලා.
2013.07.05 වන දින අධිකරණයට ගෙනවිත් පෙරට්ටුවට තිබ්බා. එහිදී ගවුස් කියන අය පැමිණ, නුවන් සංජීව පෙන්නුවා. ඔහුව තවත් අයෙකු පෙන්වූවා. මාව පෙන්නුවේ නැහැ.
ඊට පසුව තවත් අයෙක් ආවා. ඔහු නුවන් සංජීවව පෙන්නුවේ නැහැ. ඔහු ප්‍රකාශ කලා මෙතන කවුරුත් නැහැ කියා.
ඉන්පසු, මාව රු: 2500/=ක මුදල් ඇපයක් හා රු: 25,000/=ක ශරීර ඇප මත මුදාහැරියා.
නඩු අංකය බී/983/13 වන අතර, මීලඟ නඩු දිනය 2013.10.15 වේ.
මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙසට මා අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙසට රඳවා තබාගෙන, වධහිංසාවට පාත්‍ර කර, ව්‍යාජ චෝදනා නගා, නඩු පැවරීමට ක්‍රියාකල කිරිඇල්ල පොලිස් ස්ථානයේ,
1. ස්ථානාධිපති - පො:ප:නිරෝෂන්
2. අපරාධ අංශයේ ස්ථානාධිපති - එන්.වීරසිංහ
3. පොලිස් නිලධාරී 32174
4. පොලිස් නිලධාරී සමීර- ට
එරෙහිව නීතිමය හා වනායුනකූල පියවර ගන්නා ලෙසටය.
බී.වී. එ්. රුවන් චාමර පෙරේරා
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.
02. පොලිස්පති,
පොලිස් මූලස්ථෘනය,
කොළඹ.
03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
රත්නපුර.
(සබරගමුව පළාත*.
ලිඛිත පැමිණිල්ල
හපුආරච්චිගේ නුවන් සංජීව, අවු: 22යි, ජා.හැ.අ.911944006ඪ, විවාහක, වෙළඳාම.
ලිපිනය : තැන්නහේන, ඉඩංගොඩ, කිරිල්ල. 0716181306
2013.07.10 දිනදීය.
2013.07.02 වන දින, රාත්‍රී 8.55 ට පමණ, මා යතුරු පැදියට පෙට්‍රල් ගසා ගැනීම සඳහා, හැරනියාවක ඉන්ධන පිරවුම්හලට ගියා.
මා ඉන්ධන හලට යනවිට, කිරිඇල්ල පොලිසියේ ජීප් රථයද තිබුනා. මා ජීප් රථය පිටුපස මා යතුරු පැදිය නැවැත්වූවා. මා යතුරු පැදියෙන් බසින විට පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙක් බිම හිටියා. ඔවුන්ගෙන් කෙනෙක් මා අසලට පැමිණ, මගේ ෂර්ට කොළරයෙන් අල්ලා - මට නැගපන් කිව්වා. මම කාරණාව ඇහුව්වා. පොලිසියට ගිහිල්ලා බලාගන්න පු`ඵවන් කිව්වා. මම ජීප් රථයයට නැග්ගා. එතන හිටිය නිලධාරින්ගෙන් මම කාරණය ඇහුව්වා. කිව්වේ නැහැ. මම ජීප් රථයට නංවාගන්නකොටම ගෙදරට දැනුම් දුන්නා මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව.
මා ගෙදරට දැනුම් දෙන විට, මගේ අතින් දුරකථනය උදුරා ගත්තා.
මාව පොලිසියට ගෙනගොස් කූඩුවට දැම්මා. ගෙදරින් මගේ තාත්තා ආවා. යාලූවෝ හතර පස් දෙනෙක් ආවා. තාත්තාට මා එක්ක කතාකරන්න දුන්නා. මටවත් තාත්තාටවත් කාරණය කිව්වේ නැහැ.
වරින් වර කූඩුව ලඟට ඇවිත් උඹ කරපු දේ කියපන් කිහමින් කුණූහරප කියමින් බැන වැදුනා. මට ප..., හු....පු....ආදී කුණූ හරප කියමින් බැණ වැදුනා.
එසේ බැණ වැදුනේ අපරාධ අංශයේ ස්ථානාධිපති - එන්.වීරසිංහ, පො.කො.32174, පොලිස් නිලධාරී සමීර විසිනි.
එ් අවස්ථාවේ මේ පිරිස සිටියේ සිවිල් ඇඳුමින්.
රාත්‍රී 12.45 (පසුදින අලූයම * පමණ, රුවන් චාමරවත් අල්ලාගෙන ඇවිත්, වෙනත් කූඩුවකට දැම්මා.
ඊට පස්සේ මාව කූඩුවෙන් එළියට අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ කාර්යාලයට ගෙන ගියා. එ් වන විට ඔහු හිටියේ හොඳටම බීලා.
එතැන හිටිය පො.කො.32174, සමීර හා ලක්ෂ්මන් යන අය සිටියා. එ් සියල්ලම බීලා හිටියේ. ඔවුන් මා වටකරගෙන උඹ කරා කියලා පිළිගනින් කිව්වා. පිළිගත්තේ නැතිනම් වෙනත් නඩු දානවා කිව්වා.
ඔවුන් කුරුගම්මෝදර ඇඟලූම් කම්හල (51 කණුව* අසල, 2013.07.01 වන දින, ඉඩංගොඩ හරක් මස් කඩ හිමි ගවුස් නැමැති අයට පහරදී ඔහුගේ යතුරු පැදිය පිලිස්සීම සම්බන්ධයෙන් වරද පිළිගන්න යයි කියමින්, බනිමින් තර්ජණය කලා.
මා එම සිද්ධියට සම්බන්ධ නැති බව ප්‍රකාශ කලත් පිළිගත්තේ නැහැ. නැවත මාව කූඩුවට දැම්මා.
උදේ 6.00ට විතර, ගවුස් නැමැති අයද, තවත් මුස්ලිම් ජාතිකයෙක් හා ළමයෙක් මා සිටි කූඩුව ලඟට ගෙනවිත්, මා හොඳට බලාගන්න යයි කිව්වා. එ් සමගම ස්ථානාධිපතිද ඇවිත් කුණූහරප කියා බැණ ගියා.
ඔවුන් ගිය පසුව නැවත මාව, අපරාධ අංශයේ ස්ථානාධිපති වීරසිංහ, මාව ඔහුගේ කාර්යාලයට ගොනගොස්, කොණ්ඩෙන් අදිමින්, රූලකින්් පහර දෙමින්, කුණූහරප කියා බනිමින් වරද පිළිගන්න යයි කිව්වා.
මම නොකල දෙයක් පිළිගන්න බැහැ කියා මා කිව්වා. ඔහු මට තර්ජණය කලා වෙනත් නඩුවක් දමා රිමාන්ඞ් කරන බවට.
මගේ ප්‍රකාශය ලියාගත් පසුව නැවත කූඩුවට දැම්මා.
දවල රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගියා.
මාව 2013.07.05 දින දක්වා රිමාන්ඞ් කලා.
2013.07.05 දින රුපියල් 2500/=ක මුදල් ඇප මත මුදාහැරියා. මගේ යතුරු පැදියද උසාවියට ඉදිරිපත් කලා.
2013.07.05 දින ඇප මත මුදාහැරීමට පෙර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කලා.
එයට ගවුස් හා පොලිසිය මාව පෙන්වූ අය හා තවත් අය පැමිණ සිටියා.
ගවුස් මාව අඳුනාගත්තා. ඔහු ප්‍රකාශ කලා මම ඔහුට ගැහුවේ නැහැ. අනෙක් අයට ගැහුව්වා කියා.
තවත් අයෙක් මාව අඳුනා ගත්තා. ඔහු ප්‍රකාශ කලා, මා ඔහුට ගැහුවේ නැහැ, ගවුස්ට ගැහුව්වා කියා.
තවත් අයෙක් ආවා. ඔහු හඳුනාගත්තේ නැහැ. මෙතන කවුරුත් නැහැ කිව්වා.
මාව හඳුනාගත්තු දෙන්නා පොලිසියට ඇවිත් මාව බලලා ගිය අය.
පොලිසියේදී මගේ ඇගිලි සලකුණූ ගත්තා. එ් අවස්ථාවේ - රුවන් චාමරට දණගාපන් කියමින්, කුණුහරපයෙන් බණිනවා මා දුටුවා.
මා සමග රුවන් චාමරවද පෙරට්ටුවට ඉදිරිපත් කලා. ඔහුව කිසිවෙක් අඳුනාගත්තේ නැහැ.
නඩු අංකය බී/983/13 වන අතර, මීලඟ නඩු දිනය 2013.10.15 වේ.
මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙසට මා අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙසට රඳවා තබාගෙන, වධහිංසාවට පාත්‍ර කර, ව්‍යාජ චෝදනා නගා, නඩු පැවරීමට ක්‍රියාකල කිරිඇල්ල පොලිස් ස්ථානයේ,
1. ස්ථානාධිපති - පො:ප:නිරෝෂන්
2. අපරාධ අංශයේ ස්ථානාධිපති - එන්.වීරසිංහ
3. පොලිස් නිලධාරී 32174
4. පොලිස් නිලධාරී සමීර- ට
එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.
එච්. නුවන් සංජීව