මිරිහාන පොලිසියේ SU ; ප්‍රාදේශීය සබා මන්ත්‍රීව නිතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගනී .



හර්ෂි සි. පෙරේරා

 ඔහු නමින් ගයාන් දුමින්ද චන්ද්‍රසිරිය. 33 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. සීතාවක ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රීවරයෙකි. අංක 23 තුන්නාන හංවැල්ලේ පදිංචිව සිටි. ඔහු 2012.01.22 සහ 2012.01.28 සිට ඇත්තේ සින්ගප්පුරුවේය. ඒ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට ගොසිනි. ඔහු ගිය දිනයේම හේමන්ත නමැති ඔහුගේ ගමේ පදිංචිකරුවෙකුට වෙඩි තබා තිබේ. මේ පිලිබදව දුමින්දව සැක කොට මිරිහාන විශේෂ පොලීස් ඒකකය විසින් ඔහු ලංකාවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. නඩුද පවරා තිබේ. දුමින්ද කියන්නේ මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝදී බවයි. වැඩි දුර විස්තර සදහා ඔහු පොලිස්පතිට යොමු කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 

එන්.කේ.ඉලංගකෝන් මහතා
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ලිඛිත පැමිණිල්ල

මහරන්සිලිගේ ගයාන් දුමින්ද චන්ද්‍රසිරි, අවු: 33 යි, ජා.හැ.අ.801852785ඪ, විවාහක, දරුවන් 02 යි, රැුකියාව : ව්‍යාපාරික / ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී - සීතාවක ප‍්‍රාදේශීය සභාව,
ලිපිනය : 23, තුන්නාන, හංවැල්ල. දු.අ.0777659545

2013.06.19 දින දීය.

මා 2012.01.22 දින කටුනායක ගුවන් තොටුපලින් අසනීප වී ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මංත‍්‍රීතුමා බැලීමට එදින අලූයම 1.15 ට පමණ ගුවන් මගින් සිංගප්පූරුව බලා පිටත් වුනා. මා යන විට අපේ ගමේ පදිංචි වාහන ව්‍යාපාරික එච්.එ්.ලාල් පේ‍්‍රමරත්න හා හැටන් පොලිස් ස්ථානයේ වැඩ කරන පොලිස් පරික්ෂක රංජිත් සමරනායකද සිංගප්පූරුව බලා පිටත්ව ගියා. සිංගප්පූරුවේ දවස් 7ක් නතර වී මන්ත‍්‍රීවරයාගේ ද සුවදුක් බලා නැවත 2012.10.28 දින රාත‍්‍රී 9.00 පමණ ලංකාවට පැමිණියා.

එදින මා නිවසට පැමිණි පසු දැනගන්නට ලැබුනා අපේ ගමේ පදිංචි ගංජා විකුණන, බෝම්බයක් ලඟ තබා සිරදඬුවම් විඳි හේමන්ත නැමැති අයට මා රට සිටි කාලයේදී වෙඩි තබා තුවාල වී රෝහලේ සිටින බව. පසුව මට දැනගන්නට ලැබුනා මෙම වෙඩි තැබමේ සිද්ධීයට මාවද සැක කරන බවට.

මෙම සිද්ධියෙන් මාස හතකට පමණ පසු මිරිහාන විශේෂ විමර්ශන එ්කකයෙන් මා හට පැමිණීමට දන්වා මේ සම්බන්ධයෙන් විස්තර විමසා මාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. 

පසුව 2013.06.13 දින ප:ව:2.00 ට පමණ මාගේ පෞද්ගලික දුරකථනයට අමතා මිරිහාන යුනිට් එකේ අයි.පී. පෙරේරා කියන මහතකු කතා කර, හෙට දින (14 දින* උදේ 9.00ට මිරිහාන විශේෂ විමර්ශන එ්කකයේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නා. එම මහතාගේ දුරකථන අංකය 0777231892 වේ. කුමන කාරනාවක් සඳහා යුනිට් එකට එන්නද විමසුවත් එ් ගැන දැනුම් නොදුන් අතර,  ඕ.අයි.සී. හමුවී එය දැනගන්නට හැකි බවත් දැනුම් දුන්නා. 

පසුව මා 2013.06.14 දින -  උදේ 9.00 ට සීතාවකපුර සමූපකාර සංගමයේ සභාපති උයද වීරසිරි මහතා සමග මිරිහාන යුනිට් එකට ගොස් අයි.පී.පෙරේරා මහතා හමුවුනා. 

ටික වේලාවකින් පසු මාව පෙරේරා මහතා විසින්  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතාට ඉදිපත් කළා.  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතා කිව්වා මොහුව ඇරෙස්ට් කරලා උසාවි දාන්න නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියා. 

අනුර සේනානායක මහතා කියල තියෙන්නේ සහන මැදිරියට ගිය පැමිණිල්ලක් හිංදා ඇරෙස්ට් කරලා උසාවි දාන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ කියා පැවසුවා. 

මාව අත්අඩංගුවට ගෙන උසාවි දාන්නේ කුමන හේතුවකටද කියා මොනම අවස්ථාවකදීවත් මාහට පහදා දුන්නේ නැහැ. 

පසුව මගේ නම ගම විමසා ප‍්‍රකාශයක් ලියා අත්සන් ගත්තත් එය මට කියවන්න දුන්නේ නැහැ. එහෙත් ප‍්‍රශ්ණ කරන ආකාරය අනුව ගංජා හේමන්තට වෙඩි තබාපු සිද්ධිය බ වමට වැටහුනා. පසුව මම පදවාගෙන ගිය ජීප් රථයේ මිරිහාන යුනිට් එකේ සාජන්ට් මහතකු මා සමග ගොස් ඔහු රැුගෙන ගිය වාර්තා සමග මාව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාතක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මාහට විරුද්ධව වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීම යන චෝදනා මත මා අධිකරණයට ඉදිරිපත් කළ අතර, මිරිහාන යුනිට් එකෙන් ඉදිරිපත් කළ වාර්තාව ගරු මහේස්ත‍්‍රාත් තුමා සැලකිල්ලට ගෙන, මා විසින් ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගෙන, ගරු මහේස්ත‍්‍රාත්තුමා විසින් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව මාව අත්අඩංගුවට ගෙන ඇති බව වටහා ගෙන විමසන ලද කරුණූ වලට සනාථ කිරීමට යුනිට් එකේ නිලධාරී මහතාට කිසිදු පිළිතුරක් දීමට නොහැකි වූ බැන්, මා ශරීරි ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා. 

මෙම අවස්ථාවේ විශේෂ සිද්ධිය වූයේ, මාව අධිකරණයට ඉදිරිපත් කරන විට ගංජා හේමන්ත ද පැමිණ සිට නීතිඥ මහතකු අල්ලා මට ඇප දීමට විරුද්ධ බව ප‍්‍රකාශ කර සිටීමයි.

මේ වන විට මා මෙම අයට වෙඩි තබා තුවාල සිදු කළ ඇති නඩුවේ සැකකරුවකු ලෙස ඇතුලත් කර ඇති අතර, ඊලඟ නඩු දිනය වන 2013.07.04 දිනද උසාවියේ පෙනී සිටීමට නියමිතව ඇත. 

මෙම සිද්ධියේ කිසිදු සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ගංජා හේමන්තගේ උවමනාව මත කිසිදු සාක්ෂියක් නැතිව, මා අත්අඩංගුවට ගෙන ඇති බව පෙනී යයි. 

මට පසුව දැනගන්නට ලැබුනා, ගංජා හේමන්තගේ සහයකයකු වන අෂාන් නැමැත්තාගෙන් ලබාගන්නා ලද ප‍්‍රකාශයක් මත, මා අත්අඩංගුවට ගෙන ඇති බව.

මෙම කාරණාව අදාළව මා විසින් 2013/06/17 වන දින, මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි කළෙමි. එම පැමිණිල්ලේ ලියාපදිංචි අංකය ්‍යඍක්‍රැු2137රැු13 වේ. 

කිසිඳු සාක්ෂියක් නැතිව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමක් සිදුකර, අධිකරණයට ඉදිරිපත් කර, මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර, මාහට අසාධාරණයක් සිදුකර ඇති බවත්, මෙම හේතුව නිසා මාගේ දේශපාලන ජීවිතයට අපහාසයක් වන ලෙස පුවත්පත් වල පලකර මාහට අගතියක් සිදුකර (පවුත්පතේ ඡුායා පිටපතක් ඉදිරිපත් කරමි*, අසාධාරණ ප‍්‍රචාරයක් සිදුකර ඇති බවත් ප‍්‍රකාශ කරමි.

එ් අනුව මා ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර, මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීමට සහ බොරු චෝදනා නැගීමට  එරෙහිව අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙසත්ය. 


 එම්. ගයාන් දුමින්ද චන්ද්‍රසිරි