උප පොලිස් පරීක්ෂක හොරා පොලිස් වෙයි.



හර්ෂි සි. පෙරේරා 

ඇය 51 හැවිරිදි විවාහක දෙදරු මවක් වේ. මෙහිදී ඇගේ ඉල්ලීම මත ඇගේ අනන්‍යතාවය හෙළිකිරීමෙන් වැළකේ. ඇගේ සැමියා රිය අනතුරකින් මිය ගොසිනි. පොලිස් වංචනිකයා හලාවත පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගාමිණී එකනායකය. ගාමිණී ඇයට උදවු කරන මුවාවෙන් විවාහ පොරොන්දුදී ලක්ෂ 07 ක් වංචා කොට ඇයව ශාරීරිකව සහ මානසිකව වදහින්සාවට පාත්‍ර කර තිබේ. ඇය මේ පිලිබදව අද 2013.06.27 ජනසන්සදයේ සහය ඇතිව පොලිස්පතිට ,මානව හිමිකම් කොමිසමට ලිකිතව පැමිණිලි කළාය. එම ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ.

01. එන්.කේ.ඉලංගකෝන් මහතා
    පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01.

02. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.

පොලිස් නිලධාරියෙකු විසින් සිදු කරන ලද මුදල් වංචාව කිරීමක්, පහරදීමක් හා 
පොරොන්දු කඩ කිරීමක් පිළිබඳව නීත්‍යානුකූල පියවර නොගැනීම

.............................. වයස අවු: 51 යි, (615543454 ඪ* විවාහක, දරුවන් 02 යි. ලිපිනය : .................  2013.06.27 වන දින දීය.
1ග හලාවත පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක සමග, මා 2005 වසරේ ආරම්භයේ සිට 2012 මැයි මස දක්වා අඹු සැමියන් වශයෙන් ජීවත් වූයෙමි.

2ග 2004.06.21 වන දින මාගේ විවාහක සැමියාවූ .................. රිය අනතුරකින් මිය යන ලදි. එම සිද්ධිය අදාළව පරික්ෂණ හා නඩු පැවරීම් සිදු කළේ සී¥ව පොලීසියෙන් වන අතර, එම පරික්‍ෂණ කටයුතු බාරව ක‍්‍රියා කළේ එවකට එම පොලීසියේ රථවාහන අංශයේ සේවය කළ ඉහත නම් සඳහන් උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකය. එවක ඔහු සැරයන්වරයෙකි.

3ග මා ඔහුව (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක*) හඳුනා ගත්තේ මාගේ ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධ පරික්ෂණ කටයුතු වලට සහභාගී වීමේදීය.

4ග උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට ස්ව කැමැත්තෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් විය.

5ග මෙම දැන හැඳුම්කම මත, මා හා ඔහු අතර සමීප සම්බන්ධයක් ගොඩනැගුණු අතර, එයට හේතුවූයේ, ඔහුගේ පවුල් ජීවිතය අසාර්ථක බවට ඔහු නිතර කරන ලද ප‍්‍රකාශයි.

6ග ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් ඉවත්ව සිටින බව ප‍්‍රකාශ කළ අතර, කිහිප අවස්ථාවක්ම ඔහු මාව ඔහු පදිංචිව සිටි ගනේමුල්ල හා කොච්චිකඬේ පිහිටි නිවෙස් වලට රැුගෙන ගියා. එ් මගින් ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් වෙන්වී තිබෙන බව තහවුරු කරනු ලැබුවා.

7ග එ් අතර, ඔහු බිරිඳගෙන් දික්කසාද වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින බවත්, එම නඩුව අවසානයේ මා විවාහ කරගන්නා බවටත් පොරොන්දු වුණා.

8ග මෙම පසුබිම යටතේ මා, ඔහු හා අඹු සැමියන් වශයෙන් ජීවත් වීම ආරම්භ කරනු ලැබුවා.

9ග මේ අතර 2007 වසර අවසානයේදී, මට මාගේ සැමියාගේ හදිසි අභාවය මත, රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලැබුණා.

10ග එම වන්දි මුදල වූ රුපියල් ලක්ෂ පහ, මා 2007.12.10 වන දින ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජා-ඇල ශාඛාවේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කළා. (ගිණුම් අංකය : 1-0036-36-68954* )

11ග ඔහුගේ (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක* උපදෙස් මත, එම මුදලින් රුපියල් හාර ලක්ෂ අනූදහසක් ඇපයට තබා, එම බැංකුවෙන් රුපියල් තුන් ලක්ෂ පහස්දහසක ණයක් වශයෙන් ගනු ලැබුවා.

12ග එම ණය මුදලින්, 2008 ජනවාරි මස රු.30,000/- ක් හා පෙබරවාරි මස රු.25,000/- ක් ලබාගෙන, ඔහු මාර්තු මසදී යතුරුපැදියක් ගනු ලැබුවා.

13ග එයින් අනතුරුව 2008 වසර අවසානය දක්වා එම යතුරුපැදියේ, ෆිනෑන්ස් මුදල් ගෙවීමට මසකට රු.7000/- බැගින් මා ඔහුට ලබා දුන්නා. එසේ ලබාදුන් මුදල රුපියල් ලක්ෂයකට වැඩිය.

14ග 2009 වසරේදී, ඔහුගේ පුතාට පිටරට යාම සඳහා ලබාගෙන තිබුණු ලක්ෂ පහළොවක මුදල ස`දහා පොළී ගෙවීමට යැයි කියා, මාගෙන් රුපියල් ලක්ෂ 2 1/2 ක මුදලක් ලබා ගත්තා. 

15ග 2010 වසරේදී, ඔහු කොච්චිකඬේ ප‍්‍රදේශයෙන් කුළියට ගන්නා ලද නිවසට කුළී ගෙවීමට යැයි පවසමින්, මාගෙන් රුපියල් හැට දහසක්, (60,000/-*) මසකට පන්දහස බැගින් ලබා ගනු ලැබුවා. 

16ග 2011 වසර මුලදී, ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යය සඳහා යැයි කියමින් මාගෙන් රුපියල් තිස් දහසක (30,000/-* මුදලක් ලබා ගත්තා.

17ග මෙයට අමතරව, විවිධ හේතු දක්වමින් මාගෙන් වරින් වර ලබාගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට වැඩිය.

18ග මෙසේ සිටින අතර මා හට වැටහී ගියා, ඔහු මාගෙන් ඈත්වීමට උත්සාහ දරන බව හා ඔහු මා රවටා මාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 7 කට ආසන්න මුදල් නොගෙවා මගහැරීමට උත්සාහ දරණ බව.

19ග එම තත්වය තුළ, 2012.08.17 වන දින මා, පොලිස්පතිගේ සහන මධ්‍යස්ථානයට ගොස් පැමිණිලි කළා. එහි අංකය ෂඨඡුරැුඡු්ක්‍රැු0රැු1017රැු12 වේ.

20ග මෙම පැමිණිල්ලට, 2012.08.22 වන දින කැඳවීමක් කළා. එම කැඳවීම අනුව මා පොලිස් ස්ථානයට ගියා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය සිදු කළේ පොලිස් ස්ථානයේ තුන්වෙන් මහළේ. නමුත් ප‍්‍රකාශ සටහන් කළේ නැහැ. පොලිස්පතිවරයාට යොමු කරන බව ප‍්‍රකාශ කළා. නැවත දිනයක් දන්වන බව ප‍්‍රකාශ කළා.

21ග මෙම පැමිණිල්ලෙන් පසුව, පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයවර්ධන නමින් පෙනී සිටි පුද්ගලයෙකු මට දුරකථනයෙන් නිතර නිතර ඇමතුම් දෙමින්, මට අයුතු යෝජනා කළා.

22ග 2012.11.18 වන දින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට පහර දුන්නා. පසුදින එනම්, 2012.11.19 වන දින මා මීගමුව රෝහලට ඇතුළත්වුණා. මට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පහරදුන් බව එහිදී මා ප‍්‍රකාශ කළා. 
එ් අවස්ථාවේ මාව මීගමුව රෝහල් පොලීසියට යොමු කළා. රෝහල් පොලීසියේදී මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. එදින මාව රෝහලේ නැවැත්වුවා. පසුදින 2012.11.20 අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කොට, ටිකට් කැපුවා. 

23ග 2012.11.21 වන දින මා සී¥ව පොලීසියට ගියා. සී¥ව පොලිසියට යළිත් වරක් මා සිද්ධිය ප‍්‍රකාශ කළා.

24ග එයින් පසුව දිනක මාව පොලීසියෙන් කැඳෙව්වා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පැමිණ සිටියා. එදින මට බලපෑම් කර සමථ කළා.

25ග එයින් පසුව මෙම පහරදීම ගැන හලාවත පොලිස් අධිකාරීවරයාගේ කැඳවීම අනුව 2012.11.28 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව එහි ගියා. එහිදී සිදු කළේ මා අපහසුතාවයට පත්කොට ප‍්‍රකාශයකට අත්සන් ගැනීමයි.

26ග මේ සම්බන්ධයෙන්  මා, 2013.04.26 වන දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කළා. එහි අංකය ෂඨඡුරැුඡු්ක්‍රැු0රැු543රැු13 වේ.

27ග මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්, විමර්ශනය කිරීමට දින 3 කින් පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. මේ අතර, මා දැනගත්තා මට නිතර දුරකථන ඇමතුම් දී ඇත්තේ අමල් නමැති සැරයන්වරයෙකු බව. 

මෙම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.කේ.ඩබ්.කේ. සිල්වා මා කැඳවා ප‍්‍රකාශයක් ලබාගත් බවද වැඩිදුරටත් ස`දහන් කරමි.

28ග එ් පිළිබඳවද නිසි පියවරක් ගත්තේ නැත. ඔහුට සමාව දෙන ලෙසට මට බලපෑම් කළා. මා සමාව දුන්නා.

29ග මෙයින් පසුව, මාගේ පැමිණිල්ල පිළිබඳව පරික්‍ෂණ කිරීම, මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කළා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායකට විරුද්ධ පැමිණිල්ල ගැන කිහිප වතාවක්ම ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගත්තා. එසේ සටහන් කරගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී ආනන්ද අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අරුණ පේ‍්‍රමශාන්ත යන නිලධාරීන්ය.

30ග එයින් අනතුරුව, 2013.05.07 වන දින මාව, සෙලින්කෝ මන්දිරයේ 12 වන මහළේ තිබෙන, විශේෂ විමර්ශන අංශයට කැඳවා ප‍්‍රකාශ ලබා ගත්තා.

31ග මෙයට අමතරව 2013.05.31 වන දින මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේරත්න මහතාගේ කැඳවීමට අනුව, 2013.06.03 වන දින ඔහුව හමුවීමට ගියා. එදින මට ප‍්‍රකාශ කළා, 2013.06.18 දින පැමිණෙන ලෙසට. එ් අනුව මා 2013.06.18 දින ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. එදින යළිත් මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසුව 2013.06.20 වන දින පැමිණෙ ලෙසට දැනුම් දුන්නා.

32ග 2013.06.20 වන දින ද මා එහි ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය කළේ කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ලියනගේ මහතායි.

එහිදී දෙදෙනාගෙන්ම ප‍්‍රශ්න කළා. මගෙන් විමසුවා අවශ්‍ය මොනවාද කියා. මා කිව්වා මගෙන් ගත්තු සම්පූර්ණ මුදලින් අඩක්, එනම් රුපියල් ලක්ෂ 3 1/2 ක් ලබාදෙන්න කියා.  

උප පොලිස් පරික්ෂක එ්කනායක එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා. පොලිස් අධිකාරී ලියනගේ මහතා ප‍්‍රකාශ කළා විනය පියවර ගන්නවා කියා. උප පොලිස් පරික්ෂ ගාමිණී එ්කනායක ප‍්‍රකාශ කළා, කමක් නෑ කියා. 

සී¥ව පොලීසියේ ථවාහන අංශයේ එවකට සේවය කළ සැරයන්වරයෙකු, දැනට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක යන අය, ඔහු දැරූ තනතුර උපයෝගී කරගෙන, මට උදව් උපකාර කරන මුවාවෙන් වැන්දඹුවක වන මා විවාහ කරගන්නා බවට පොරොන්දුදී, මා රවටා,

(අ)* රුපියල් ලක්ෂ හතක් වංචා කිරීම.

(ආ)* විවාහ පොරොන්දු කඩ කිරීම.

(ඇ)* ශාරීරික හා මානසික වධහිංසාවට පත් කිරීම.

(ඈ)* පොලිස් මූලස්ථානයේ, උසස් නිලධාරියෙකු ලෙසට පෙනී සිටි සැරයන්වරයෙකු වන 
     අමල් නමැති නිලධාරියා හා එක්ව මාව පීඩාවට පත් කිරීම සම්බන්ධව,

1ග දැනට හලාවත පොලීසියේ සේවය කරන උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකට විරුද්ධව නීත්‍යානුකූල හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්,

2ග ඔහුට සහාය දීම සඳහා කූට ලෙසට ඉදිරිපත්ව ක‍්‍රියාකළ පොලිස් මූලස්ථානයේ සැරයන්වරයෙකු වන අමල් නමැති නිලධාරියාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, ඉල්ලා සිටිමි.

තවද, නීතිය ක‍්‍රියාත්මක කිරීම මගහැරීම මගින්, පොලිස්පතිවරයා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ද ප‍්‍රකාශ කර සිටිමි.


ජී. ශ‍්‍රියානි වසන්තා සිල්වා