මිගලෑව පොලිසියේ පලිගැනීම.



හර්ෂි සි. පෙරේරා

නම ;- සම්පත් සුරංග රත්නායක
 වයස ;- 32 යි 
 රැකියාව ;- ත්‍රිරෝද රථ රියදුරු 
 ලිපිනය ;- 314/1/24 මිගලෑව 

 2013 අප්‍රියෙල් 21 සම්පත්ව මිගලෑව පොලිසිය විසින් මිගලෑව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එයට සම්බන්ද වුයේ මිගලෑව පොලිසියේ ස්ථානදිපති පො ප ගුණසේකර, උ පො ප ජයතිලක , කොස්තාපල් චන්ද්‍රසිරි හා ප්‍රේමසිරි යන නිලදාරින්ය. ඔහුව කුඩුවට දැමිය. එසේ සිටින විට දුරකථන ඇමතුමක් ගත් පොලිස් ස්ථානදිපති කියා ඇත්තේ "සර් එකා මානව හිමිකම් ගිහිල්ලා අපෙන් සල්ලි ගත්ත එකෙක් මොකද කරන්නේ "යනුවෙනි. පසුදින ඔහුව ගල්ගමුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර 2013.05.06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත. 2013.05.06 ඔහුව මුදා හැර තිබේ. මිගලෑව පොලිසියේ මෙම පලිගැනීමට හේතුව එච් ආර් සි /2695/11 යටතේ මිගලෑව පොලිසියේ සේවය කරන චමල් ,සුනිල්, පුෂ්පකුමාර ,නිහාල් හා පියදාස යන පොලිස් නිලදාරින්ට එරෙහිව ගොනුකළ පැමිණිල්ල විමර්ශනයේදී එකී පොලිස් නිලදාරීන් සම්පත්ට රුපියල් 40,000/= ක් ගෙවා සමතවීමය. 2013.05.22 දින සම්පත් මෙම පළිගැනීමේ චේතනාවෙන් නීති විරෝදිව අත්අඩංගුවට ගෙන වියාජ නඩුවක් පවරා හිංසාවට පත් කිරීම ගැන මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ නීතිපතිට ලිකිතව පැමිණිලි කළේය.