එයාර් ඇරබියා මත්තල හැර ගියාලු


මැදපෙරදිග කළාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩුවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා“ ගුවන් සේවය සාජා හා මත්තල අතර ගුවන් ගමන් මැයි මාසයේ සිට නතර කර ඇතිබව වාර්තාවේ.

මේ බව, “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවිය විසින් අනාවරණය කරන අතර “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ වෙබ් අඩවියේද මෙම ගමනාන්තය සඳහා මගීන් ලියාපදිංචි කිරීම නතර කර දමා තිබෙන බව එම වාර්තාවේ සඳහන්ය.

මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමන්නාතය ලෙසින් පසුගියදා මත්තල තෝරාගත් අතර මත්තල, “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ 84 වන ගමනාන්තය විය.

ගුවන් සේවය විසින් 2013 මාර්තු 18 වනදා, මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදුකළ අතර සාජා හා මත්තල අතර සතියකට සිදුකළ ගුවන් ගමන් වාර දෙක ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩිකිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවද මුලදී සඳහන් කර තිබුණි.

“එයාර් ඇරබියා“ ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සාජා සිට සතියකට ගුවන් ගමන් වාර 09 ක් ක්‍රියාත්මක කරයි.

මෙම ගුවන් සේවය සාජා-මත්තල අතර පියාසර කිරීම නතර කර ඇතැයි දැක්වෙන “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවියේ වාර්තාව මෙන්න.


Air Arabia Cancels Mattala/Hambantota Service from May 2013

by JL

Update at 0600GMT 08MAY13

Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route, just 6 weeks after it became the first foreign carrier to operate the newest International airport in Sri Lanka. The airline previously operated twice weekly service.

G9508 SHJ2130 – 0350+1HRI 320 47

G9509 HRI0430 – 0740SHJ 320 15

Reservations on the airline’s website is no longer available.

එයාර් ඇරබියා, නතරවීම ගැන රජයෙන් උත්තර
එයාර් ඇරබියා ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කිරීමට රජය සමග තිබෙන එකඟතාවය එලෙසම තිබෙන බවත් එය අවසන් කර නොමැති බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා “විමසුම“ සමග සම්බන්ධ වෙමින් පැවසුවේ තාවකාලිකව ගුවන් ගමන් නතර කිරීම ඕනෑම ගුවන් සේවයක් විසින් සිදුකරන කටයුත්තක් බවත් එයින් එයාර් ඇරබියා ගුවන් සේවය මත්තලට පියාසර කිරීම නතර කළා යැයි නොහැඟවෙන බවයි.
මෙය තාවකාලික නතර කිරීමක් බවත් රජය සමග එකඟවී තිබෙන පරිදි ඉදිරියේදීත් මෙම ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කරනු ඇති බවත් හෙතෙම පැවසීය.
“එයාර්ලයින් රූට්“ නැමති වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණේ එයාර් ඇරබියා ගුවන් සේවය මැයි මාසයේ සිට මත්තලට පියාසර කිරීම නතර කර දැමූ බවයි.
“විමසුම“ ට අනාවරණය වන ආකාරයට මෙම ගුවන් සේවය නැවත වතාවක් ජුනි හෝ ජූලි මාසයේ සිට මත්තලට යළි පියාසර කිරීමට නියමිත අතර මැදපෙරදිග “ෆ්ලයි ඩුබායි“ ගුවන් සේවයද ජුනි මාසයේ සිට මත්තලට පියාසර කිරීමට සූදානම් වේ.
එයාර් ඇරබියා ගුවන් සේවය සාජා හා මත්තල අතර පවත්වාගෙන යන ගමනාන්තයේ වැඩිපුර මගීන් සිටින්නේ අප්‍රේල් හා දෙසැම්බර් මාසවල බවත් අප්‍රේල් වලින් පසුව මෙම ගමනාන්තයේ මගීන් අඩුවීම මෙම තාවකාලික ගුවන් ගමන් නතර කිරීමට හේතුවක් බවත් වැඩිදුරටත් හෙළිවේ.

උපුටා ගැනිම විමසුම