පින්තූරයක කතාව



අමිල ගුණරත්න

මේ සිටින්නේ රුපියල් කෝටි සියයකට වැඩි තැන්පතු වංචා කරන ලද සක්විති රණසිංහයි. මොහුට වංචනික ක්‍රියා සිදු කිරීම සඳහා අත්වැලක් වශයෙන් ලංකාවේ ජාතික පුවත්පත් මෙන්ම රූපවාහිනි නලිකා ද දෙන ලද්දේ නොමඳ සහයෝගයකි. සක්විතිගේ වංචා හෙළිවීමෙන් ඔහු සැඟවී සිටි අයුරු සහ හිරේ විලංගුවේ වැටුණු හැටි මේ ජාතික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා උණුසුම් පුවත් ලෙසට යලි ඒවා ජනතාවටම බෙදා දුන්හ.අවසාන විග්‍රහයේදී පෙනී යන පරිදි ඌරෙකුට කවා පොවා ඌ මහත් වූ පසු ඌරාට පොලු වලින් ගසා මරා දමා උගේ මස් විකුණන ඌරු කොටුවේ ඇලෙක්සැන්ඩර් අයියා සහ ලංකාවේ ජාතික පුවත්පත් මෙන්ම රූපවාහිනි නාලිකා වල මාධ්‍ය ඔස්තාර්ලා අතර වෙනසක් නැත.