සන්දනම්ගේ නඩුව කෝ?



හර්ෂි සි. පෙරේරා

මනික්කම් සන්දනම්ට විරුද්දව 2010.06.24 දින මතුගම පොලිස් ස්ථානයේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරීක්ෂක පො ප සේනානායක විසින් අංක 59802/10 දරන නඩුව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ පවරා ඇත. නඩුව 2010.09.16, 2010.11.11, 2010.12.02, 2011.1.03, 2012.02.01, 2012.07.05 දින වල විබාගයට ගෙන ඇති අතර එය 2013.02.25 දිනට කල් ගොස් තිබේ. එදින රජයේ නිවාඩු දිනයකි. එය වැරදීමක් බව කියූ නීතිඥ චමරි මුණසිංහ ඊලග නඩු දිනය 2013 මාර්තු 04 බව කියා තිබේ. එදින සන්දනම් එම නීතිඥ වරිය මාර්ගයෙන් අදිකරණයේ පෙනී සිටියද නඩුව කැදවා නැත. එම නීතිඥවරිය සොය බලා කියා ඇත්තේ නඩුව නොකදවුයේ සොයා ගැනීමට නොහැකි නිසා බවයි. ඊලග නඩුව කවදාද ? එය අස්ථානගතව ඇත්නම් තමාට දන්වන ලෙසත් සන්දනම් 2013.05.21 දින දාතමින් යුතු ලිපියෙන් මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ රෙජිස්ටාර් ගෙන් ඉල්ලීමක් කළේය. මනික්කම් නිමල් ශාන්ත මුදලාලිගේ කඩේ බාරේ ,සිරිකන්ද පාර , මතුගම පදිංචි වී සිටි.