බෙනාසිර්ගේ ඉරණමට නඩු පවරන්නාත් ගොදුරු වේ.

 

හර්ෂි සි. පෙරේරා

2007 දී හිටපු පකිස්ථාන අගමැතිනිය වූ බෙනාසීර් බුතෝ ගාතනය කෙරිණි. ඇගේ මිනීමැරුම් නඩුවේ ප්‍රදාන රජයේ නඩු පවරන්නා වූ චවුද්රි සුල්ෆිකාර් අලි එම නඩුවේම ඊලග නඩු වාරයට යමින් සිටියදී නාදුනන ගාතකයින් විසින් ඉස්ලාමාබාද් හිදී ගාතනය කරනු ලැබ ඇත. මේ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂකයා තුවාල ලබා ඇති අතර පාරේ ගමන් ගත් කාන්තාවක් ද මියගොස් තිබේ. මෙම ගාතනය ජනාශ්‍රිත නගරයක මහා දවල් සිදුව ඇත. ඒ අවට සිටින්නේ මද්යම පන්තික අසල්වාසින්ය. ඔහු මෙම වැදගත් නඩුව සම්බන්දයෙන් පෙනී සිටීම නිසාම වැඩි දුර ආරක්ෂාවක් අබ්යන්තර කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියද ලැබී නැත. අගහරුවදා හිටපු හමුදා නායක පවේස් මුෂාරෆ්ට සති දෙකක නිවාස අඩස්සියේ තැබීම පිළිබද දඩුවම නියම විය. ඒ හිටපු අගමැතිනිය මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම ගැනයි. බුතොගේ පුත් බිලවල් බුතෝ සර්දාරි බලයෙන් ඉවත්වන පකිස්ථාන ජනතා පක්ෂයේ වත්මන් සබාපති වන අතර ඔහු මවගේ මරණය සම්බන්දයෙන් චෝදනා කලේ මුෂරෆ්ටය. මුෂාරෆ් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මැතිවරණ කටයුතු වල නිරත වෙමින් සිටියේය. 2010 එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දුන්නේ බුතෝ ගාතනය වැළැක්විය හැකිව තිබු බවත්ය. එමගින් චෝදනා කලේද ඇයට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොදුන් මුෂාරෆ් ආණ්ඩුවටයි.