ජනාධිපතිතුමණි, මාගේ ආදරණීය පියාට ඔබතුමාගේ අතින් වතුර ලබා දෙන්න - අමිනා අසාත් සාලි

අතිගරු ජනාධිපතිතුමා 61 එ මල් පාර,
ජනාධිපති ලේකමි කාර්්‍යාලය කොළඔ 3
කොළඔ 2013 මැයි 05

අතිගරු ජනාධිපතිතුමණි
කාරුණික ඉල්ලීමයි

මම අසාත් සාලි මහතාගේ දියනිය අමීනා සාලි, මා මෙම විශේෂ හා හදිසි ඉල්ලීම ඔබතුමාගේ විශේෂ හා කාරුණික අවධානයට යොමු කර ඉල්ලා සිටින්නේ.
මාගේ පියා වන අසාත් සාලි මහතාගේ පෞද්ගලීක ජීවිතය හා දේශපාලන ජීවිතය පිළිබදව ඔබතුමා හොදාකාරවම දන්නා කරුනකි.

රටෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හා සාමය වෙනුවෙන් පමණක් සටන් කළ මාගේ ආදරණීය පියා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබු වෙලාවෙ සිට මෙ දක්වා කිසිම ආහාරයක් හෝ පානයක් නොගැන උපවාසයේ පසුවන බැවින් මාගේ ආදරණිය පියාගේ ශරීර සෞඛ්‍ය තත්වය ඉතා අසතුටුදායක තත්වයට පත් වී ඇති නිසා මා ද මාගේ මව ද පියා හමු වී ආහාර ද ජලය ද පානය කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු තරයෙන්ම ප‍්‍රතික්ෂේප කර සිටි.

මා කුඩා වයසේ සිට හොදින් දන්නා කාරණයක් ඔබතුමා අපගේ පවුලේ ඉතා සමීප හිත මිත‍්‍රයෙකු බව එ බැවින් මා විශ්වාස කරනවා මාගේ ආදරණිය පියාට ඔබතුමාගේ අතින් වතුර වී¥රුවක් ලබා දෙන්නේ නමි අනිවාර්්‍යයෙන්ම මාගේ පියා යථා තත්වයට පැමිණෙන බව.

ඔබතුමා මෙි රටෙි ජනාධිපති වීමට මාගේ පියා කොතරමි කැපවීමක් කලා ද යන්න ඔබතුමාත් මෙි රටෙි ජනතාවත් හොදින් දන්නා කරුණකි.

එම නිසා ඔබතුමාගේ අතින් ලබා දෙන වතුර වී¥රුවක් තුලින් මෙි රටෙි සාමයට කැප වී සිටි පුද්ගලයෙකුගේ හා ඔබතුමාගේ මිත‍්‍රයාගේ ජීවිතය ආරඏා කළ හැකි යයි මා තරයෙන් විශ්වාස කරමි.

එ බැවින් මෙි පිළිබදව සානුකමිපීතව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මාගේ පියා වෙනුවෙන් මාගේ ඉහත ඉල්ලීම ඉටු කර දෙන ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි

මෙයට විශ්වාසී

අමිනා සාලි
 Colombo Telegraph