වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම 10.7%කින් පහළට



මේ වසරේ මුල් කාර්තුවේ මෙරට අපනයන ආදායම 10.7%කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම වාර්තා අනාවරණය කරයි.මේ යටතේ කෘෂිකාර්මික අපනයන ආදායම 6.9%කින්ද, කාර්මික අපනයන ආදායම 11.5%කින් සහ ඛනිජමය අපනයන ආදායම 64.5%කින්ද අඩුවී තිබේ.

පසුගිය වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1,709.2ක් වූ මෙරට අපනයන ආදායම මේ වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1,526.2ක් දක්වා අඩුවී ඇති බවද අදාළ වාර්තා හෙළිදරව් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශේෂඥයන් සඳහන් කරන්නේ රටේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා මෙන්ම නිෂ්පාදන ආර්ථිකයේ කඩාවැටීමද මෙමඟින් පෙන්නුම් කරන බවයි.එසේම මෙලෙස අපනයන ආදායම ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා වෙළෙඳ හිඟය ඉහළ යෑමත්, එම හිඟය පියවා ගැනීමට තවදුරටත් ණය මුදල් ලබාගැනීමට සිදුවීමත් යන අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

උපුටා ගැනිම මව්බිම