මිහිකත
අවසානයේ තමන් දරා සිටි බරින් නිදහස් වූයේ අනපේක්‍ෂිත අන්දමටය. මාතලේ
රෝහල් භූමියේ ජීවවායු ඒකකයක් ඉදිකිරීමට පොළව කැණිමේදී ලංකා ඉතිහාසයේ
දැවැන්තම සමූහ මිනීවළ මිහිකත මෙලෙස ලෝකයට විවර කළාය.
පසුගිය
වසරේ නොවැම්බර් 26 වෙනිදා සිට පුරා මාස 02 ක් පුරා ඒ සම්බන්ධව විවිධ මත
පළවිය. නමුත් ඒ මත සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් 87 - 90 කාලය තුළ සිදුවූ යම්
සිදුවීමකින් සිදුවූ දෙයක් බවට අදාළ වාර්තා පදනම් කර ගනිමින් මාතලේ
මහේස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරිය අවසානයේදී විවෘත අධිකරණයේදී
ප්‍රකාශ කළාය.
මාතලේ
රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අර්ත් ජයසේන සහ මහාචාර්ය රා- සෝමදේව මහතා
ලංකාවේ ප්‍රථමවරට සමූහ මිනීවළක් පිළිබඳව විශිෂ්ට විශ්ලේෂණයක් සිදුකළහ.
මහාචාර්ය රා- සෝමදේව මහතා සිය වාර්තාවේ 'නමුත් කවරෙකු විසින් හෝ කුමන
හේතුවක් නිසා පුද්ගලයන් 154 දෙනෙකුට නිදහසේ මියයාමට ඇති අයිතියත් උදුරාගෙන
ඇති බව මාගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරන විට මගේ හදවතට
දැනෙමින් තිබේ.' ලෙස සඳහන් කර තිබේ.
තම
දරුවන් උදෙසා හඬා වැළපීම නිසාම සිහිය විකල් වූ මව්වරුන්ට, දෙනෙත් වල ක`දුලු
වියළී ගිය මව්වරුන්ට තමන්ට සිදුවූ අවනඩුව කීම සඳහා ජනපති කොමිසමක් දැන්
පත් කර තිබේ. දැන් සමාජය බලා සිටින්නේ මේ කොමිසම කටයුතු කරනා ආකාරය ගැනය.
මේ සටහන තැබෙන්නේ ඒ ප්‍රවේශයට මොහොතකට පෙරය.
සියල්ලෙහි
අවසන් විනිශ්චය කරුවා වන්නේ උසාවියයි. 87 - 90 යුගයේ ක්‍රියාත්මක වූ අරගල
කරුවන්ටද ඉතිහාසය විසින් නිවැරදි විනිශ්චයක් ලබාදෙනු නොඅනුමානය. නමුත් මේ
නිශ්චිත මොහොතේ අපේ කාර්යයභාරය විය යුත්තේ එම වකවානුව තුළ සිදුවූ අතිශය
අමානුෂික වූ කෲර වූ මනුෂ්‍ය සංහාරය මාතලේ මිනීවළට ලඝූ නොකොට ලෝකයට හෙළිදරව්
කිරීමයි. ඒ අන්කිසිවක් නිසා නොව මෙවන් මනුෂ්‍ය සංහාර කවර පාර්ශවයකින්
වුවද මතු සිදු නොවීමට අවශ්‍ය කරන සමාජ වටපිටාව නිර්මාණය කර ගැනීමටයි. සමහර
සුවිශේෂි දේවල් සඳහා ඉතිහාසය අපට ලබා දෙන්නේ එක් අවස්‌ථාවක් පමණි. මේ ඒ
අවස්‌ථාවයි. මෙය පැහැර හැරිය යුතු නොවේ.
මාතලේ
සමූහ මිනීවළේ අතිශය කෲර වූ වධ බන්ධන වලට ලක්‌ව කෙනෙකුට හිමිවිය යුතු
ගෞරවනීය මරණය උදුරාගනු ලැබූ පිරිස මාතලේ දිස්‌ත්‍රික්‌කය පුරා සිදුවූ
මනුෂ්‍ය සංහාරය දෙස බලන විට ස්‌වල්ප දෙනෙකි. ඔවුන් දේශප්‍රේමී ජනතා
ව්‍යාපාරයේ හෝ ජ.වි.පෙ. සාමාජිකයන් පමණක්‌ම වී නම් සමහරුන්ට හිතහදාගත හැකි
වුවත් එම භීෂණ වකවානුව තුළ ඝාතනයට ලක්‌වූවන් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස්
පාක්‌ෂිකයෝ වූහ. ඒ අතර, එක්‌සත් ජාතික පක්‌ෂ මෙන්ම දමිළ, මුස්‌ලිම් වැනි
වෙනත් ජනවර්ග වල තරුණයෝද වූහ.
එවකට
ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පිළිබඳව නිවැරදි
හෘදස්aපන්දනයක් ජනතාවට ඇති වී තිබුණේ නැත. මෙලෙස ජනතාව අතර නොවූ
බලවේගයක් හා නිල ලත් හමුදා, පොලීසි, ප්‍රා, කොළ කොටි වැනි නිල නොලත් කල්ලි
අතර ගැටුමට හසුවී පීඩා වින්දේ සාමාන්‍ය ජනතාවය. එකල සිදුවූ සමහර සිද්ධීන්
මතුපිටින් හාස්‍යජනක ලෙස පෙනුණද ඒවා තුළ වූයේ ජනතාව පෙලු අසරණ භාවයයි.
මාතලේ එක්‌තරා ප්‍රකට ව්‍යාපාරික ස්‌ථානයකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අණ
කළේ කඩය වැසීමටය. පොලීසිය අණ කළේ විවෘතව තැබීමටය. දොර වැසූ විගස පොලීසිය
විත් දොර රැගෙන පොලීසියට ගියේය. ව්‍යාපාරික ස්‌ථානය විවෘතය. මුදලාලි අපූරු
දැන්වීමක් කඩයේ එල්ලීය. 'කඩය වසා ඇත. දොර පොලීසියේ ඇත.' යනුවෙනි.
පීඩාවට
පත් වු ජනතාවට ආරක්‍ෂාව පිළිබඳව සහතිකයක් දියයුතු හමුදාව හා පොලීසිය
ක්‍රිsයාත්මක වූයේ මුළු මහත් ජනතාවම මීට වගකිව යුතුයි, වන්දි ගෙවිය යුතුයි
යන පටු ආකල්පයෙනි. යම් ක්‍රියාවක් සිදුවූ වහාම සිදුවූ ප්‍රතික්‍රියාව
බෙහෙවින් විනාශකාරී විය. කෲර විය. සැකකරුවන් අල්ලා ගැනීම පසෙක තබා සමූහ ලෙස
අහිංසක මිනිසුන් ඝාතනය කොට ප්‍රදර්ශනය කර සමාජය භීතියෙන් මුසපත් කිරීම
සාමාන්‍ය ක්‍රියාවලිය විය. එබැවින් එකල භීෂණය අපේ දෙපා යටින් නොව අපේ හිසට
උඩින් නොව අපේ හුස්‌මත් සමගම දැවටී ගත්තේය. ගෙයක් ගෙයක් පාසා ගමක් ගමක්
පාසා වියරු සුළ`ගක් ලෙස එය තරුණ ජීවිත හඹා ගියේය. සියල්ලෝම සිටියේ
නිදිවර්ජිතවය. බොහෝ රාත්‍රීන් ගෙවී ගියේ පසුදා අලුයම ගෙන එන අසුභ ආරංචියකට
සවන්පත් විවර කරමිනි.
රාත්‍රීන් නිශාචර ගහලයින්ගෙන් තොර නොවූයේය. දහවල නිලලත් හමුදාවන්ගේ
අත්අඩංගුවට ගැනීම් වලට තරුණයෝ ලක්‌වූහ. 1988 දෙසැම්බර් 19 වෙනිදා
වරකන්දවත්ත කොටුවේගෙදර වැටලු හමුදාව තරුණයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගත්හ.
රන්සිරිගේ යුවළගේ 18 වියෑති සුසන්ත ජානක රන්සිරිගේ පුතුත්, 17 හැවිරිදි
රෝහණ නිශාන්ත රන්සිරිගේ පුතුත් පාසලින් විත් දවල් අහර ගනිමින් සිටියෝය.
එක් දරුවෙක් විජය විද්‍යාලයේද, අනෙක් දරුවා විද්‍යා විද්‍යාලයේද
උසස්‌පෙළ හදාරමින් සිටිඅය වූහ. ඔවුන් දෙදෙනාද එම අත්අඩංගුවට ගැනීමට ලක් වූ
අතර පළමුව ඔවුන් විජය විද්‍යාලයේ ගුණසේන ශාලාවටද එතැනින් පෝසිලේන් එක අසළ
කඳවුරටද අනතුරුව මාතලේ තානායමේ වූ කඳවුරටද ගෙන ආ බව මව පවසයි. ඔවුන්ගේ මව
මාතලේ තානායමේ වූ හමුදා කඳවුර වෙත ගොස් හ`ඩා වැළපෙන විට එහි සිටි හමුදා
නිලධාරියෙක් රැඳවියන්ගේ නාමලේඛනයක් පෙන්වීය. එහි තම පුතුන්ගේ නම් තිබුණත්
ඒවා රතු තීන්තෙන් කපා තිබුණු බව මව පවසයි. එම 13 දෙනාම අතුරුදහන්වූවන්ගේ
නාමලේඛනයට එක් විය. තවමත් ඇය ඉල්ලන්නේ දරුවන්ට සිදුකළේ කුමක්‌ද යන්න තමාට
පවසන ලෙසයි. ජිනීවා, රතු කුරුස වැනි විවිධ සංවිධානවල පිළිසරණ පැතූ ඇයට
දරුවන්ට සාධාරණයක් වේයෑයි සිතන්නට අහම්බෙන් අවස්‌ථාවක් උදා වී තිබේ. මරණ
සහතිකත් රුපියල් 25000 ක වන්දියත් ඇය ප්‍රතික්‍ෂේප කළාය.
මේ
යුගයේදී තරුණයෙක් වීම පමණක් නොව යම් යම් සිදුවීම් අහම්බෙන් හෝ දැකීමද
කෙනෙකුගේ විනාශයට හේතු විය. 1989 අගෝස්‌තු මස 29 වෙනිදා වේරගමදී රාත්‍රී 12
ට පමණ විත් හමුදාවෙන් පැහැරගත් 07 දෙනා වෙලන්ගහවත්ත ගමේ තැපැල් කන්තෝරුව
ඉදිරිපිට පොරවෙන් කොටා ගිනිතබා මැරූ ආකාරය තැපැල් කන්තෝරුවේ තැපැල් මහතා
දුටුවේය. අලුයම තැපැල් මහතාද පැහැරගෙන ගියේය. අවුරුදු 02 කට පසු ඔහු
බූස්‌සේ කඳවුරේ සිටින බව ආරංචි විය.
මකුලේතැන්න විහාරයට නුදුරින් වූ හන්දියක අවුරුදු 20 ත් 25 ත් අතර ළාබාල
තරුණයින් 30 දෙනෙකුගෙන් මිණී මලක් නිර්මාණය කර තිබුණි.එම zමිණි මලZ අසල
ඔවුන්ගේ තුවා දත්බුරුසු ආදිය රැගත් ගමන්මලු වූයෙන් කඳවුරකින් රැගෙනආවෝ විය
යුතු වූහ. ඔවුන්ගේ සිරුරු මකුළුතැන්න පන්සලට ඉහළින් මුවන්දෙනිය පාර අසල
වෙල් යායක වළදැමූ බව ගැමියෝ පවසති. එබැවින් මාතලේ රෝහල් භූමියේ සමූහ මිණිවල
මාතලේ දිස්‌ත්‍රික්‌කය පුරා ඇති සමූහ මිණීවළවල් අතරින් එකක් පමණි. ඊට
ආසන්න හේතුව වූයේ අසළ ගමක පොලිස් කාන්තාවක් ඝාතනය කිරීමයි. එය දේශප්‍රේමී
ජනතා ව්‍යාපාරයට බැර වුවද මෙම ඝාතනය පුද්ගලික කෝන්තරයක් මත වූ දෙයක් බව
පසුව අනාවරණය විය. එම යුගය කෙතරම් අවිචාරශීලීද යන්නට එය එක් සාක්‍ෂියක්
පමණි.
විජය
විද්‍යාලයේ වධකාගාරයේ රැඳවූවෙක් පවසන්නේ වධකාගාරයේ මුල්ලක බෙලි කපා ඔළු
ගොඩගසා තිබූ අතර ඒවාට කළුතෙල් හලා තිබුණ නිසා අ`දුරාගත නොහැකි වූ බවයි. ඔහු
ඉදිරියේම මැරුණු පුද්ගලයෙකුගේ බෙල්ල කපා කඳ අරගෙන ගිය බවත් එම ඔළුවට පයින්
ගසා මුල්ලකට වීසි කළ බවත් ඔහු පවසයි. පයින් පහර කෑ බෙලි වලට සාධාරණයත් පහර
ගැසූ පා වලට විලංගුවත් ජනපති කොමිසමෙන් ලැබේද යන්න අපි බලා සිටිමු.
දඹුල්ල
සීගිරිය පලුටාව ප්‍රදේශයේදී සිදුවුයේ තරමක වෙනස් සිද්ධියකි. යම්
සිදුවීමකට සැකකරුවන් සොයාගත නොහැකි වූ තැන අහළ පහළ සිටි ලොකු ලූණු ගොවිපල
වල වැඩකරමින් සිටි ගොවියන්, කම්කරුවන් 52 ක් හමුදාව විසින් එකදිගට වෙඩිතබා
ඝාතනය කරන ලදී. එම මළසිරුරු ටිපර් රථවල පටවාගෙන විත් දඹුල්ල ඔරලෝසු කණුව
අසල ප්‍රදර්ශනය කර පරණ කනත්තේ පෙට්‌ට්‍රල් දමා ගිනිතැබූහ. දඹුල්ල නගරය
ආශ්‍රිතව පමණක් මළසිරුරු 200 ක් පමණ තිබුණු බව වාර්තා විය.
මහනුවර
මාතලේ මාර්ගයේ බලකඩුව හංදියේ පාලමට මෑතින් මළසිරුරු වලින් සමන්විත මිණි
සෑයක් ගොඩගසා තිබුණි. සරම්, කලිසම් පමණක් ඇඳ සිටි ඔවුන්ගේ අත් පිටුපසට කර
ගැට ගසා දෙපා බැඳ දමා වෙඩිතබා මරා මුහුණු පුළුස්‌සා දමා තිබුණේ හදුනා
ගැනීමට නොහැකි ලෙසය. එහි මළසිරුරු දහ අටක් තිබුණි. එහි එක් යුවතියකගේ
මළසිරුරක්‌ද දක්‌නට ලැබිණි.
ඊට ටික
දිනකට පසු එම මාර්ගයේ බලකඩුව හන්දියට ඉහළින් පාර දිගේ පේළියට වෙඩි තබා කපා
කොටා මරා දමන ලද මළසිරුරු දහතුනක් දමා ගොස් තිබුණි. එහි එක් මළසිරුරක
කටට වෙඩි තබා තිබුණ අතර මොළයේ කැබලි මහ පාරේ විසිරී කපුටන් ඩැහැගෙන ගියහ.
කටට වෙඩි තැබූ තරුණයා අවසන් මොහොතේ රුදුරු ගහලයින්ට පවසන්නට ඇත්තේ අභය දානය
දෙන ලෙසනම් නොවේ.
1848
කැරැල්ලේදී මාතලේ සිට නුවරට යන සිංහල හමුදාවට ඉංග්‍රීසි හමුදාව මුහුණට
මුහුණ මුණගැසී ඇත්තේ වාරියපොළදීය. එහි පැවති සටනේදී සිංහලයින් 200 ක්
ඝාතනය වූහ. ඒ වාරියපොළදීම මෑතකදී හිස සුන් මළකඳන් 4 ක් ගොඩගත් අතර ඒ
වකවානුවේ බණ්‌ඩරපොළ ප්‍රදේශයෙන් පුද්ගලයෝ 10 කට ආසන්න සංඛ්‍යාවක්
අතුරුදහන් වී ඇත. මෙවැනි සිදුවීම් මාතලේ දිස්‌ත්‍රික්‌කය පුරාම වාර්තා වන
අතර ඒවා පුනපුනා නොකියන්නේ මෙම ලිපියෙන් සිදුකළ යුත්තේ ප්‍රවේශයක් ලබා දීම
පමණක් වන බැවිනි.
එම
යුගයේ නිල ලෙස අත්අඩංගුවට ගත් අයගෙන් 1600 කට ආසන්න ගණනක් අතුරුදහන් ව
සිටිබව පැවසේ. මානව හිමිකම් සංවිධාන කඳවුරුවලට පැමිණෙන විට පාරෙන් අල්ලාගත්
සි`ගන්නන්, අන්ධයින් වැනි අය පෙන්වා සංඛ්‍යාව නිවැරදි කරගත් බව එකල සිටි
රැඳවියෝ පවසති. එක් මානව හිමිකම් සංවිධානයක සාමාජිකයින් එක් අන්ධ
පුද්ගලයෙක් පෙන්වා මොහු කළ ත්‍රස්‌තවාදී ක්‍රියාව කුමක්‌දැයි
නිලධාරීන්ගෙන් විමසූ විට 'ඔත්තු බැලුවේ යෑයි' කීවේලු.
තමන්
කැමති මතයක් දැරීමට ඒ මත ක්‍රියාත්මක වීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇත.
ඒ අයිතිය ඔවුන් අනෙකුත් අයගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි යොදවනවානම් ඊට
එරෙහිව කටයුතු කිරීමට පුහුණු කළ මහජන මුදලින් නඩත්තු වන විනයානුකූල වූ
ත්‍රිවිධ හමුදා, පොලීසි, බුද්ධි අංශ වැනි යාන්ත්‍රණයක් ශිෂ්ට සමාජය සතුව
පවති. අධිකරණයක් මනුෂ්‍ය ධර්මයට අනුකූල වූ නීති රීති පද්ධතියක්‌ද, අදාළ
දඩුවම් ක්‍රමවේදයක්‌ද එමෙන්ම යුක්‌තිය පසිඳලන්නන්ද ඇත. ඉන් බැහැරව
තිරශ්චීනලෙස බලය යොදා කෙනෙකුට හිමි ගෞරවනීය මරණය කවරෙකු විසින් හෝ උදුරා
ගත්තේනම් මතු දා උදුරා ගනු ලබන්නේනම් ඊට එරෙහි වීමට ඇති ශුද්ධ වූ අයිතිය
ලබා ගැනීමටද අප පමාවිය යුතු නොවේ.
නමුත්
ඓතිහාසික මාතලේ වැනි අරගලකරුවන්ගේ ඇටකටු වලින්, ලෙයින් පෝෂණය වූ භූමියක
උණුසුම් ලෙයෑති මිනිසුන් අයිස් වතුරේ ගිල්ලුවන් සේ ගල් වී සිටීම ඇදහිය
නොහැක්‌කකි. මේ සාමාජීය නිහ`ඩබව නම් මහා ඛේදවාචකයකි.
1848
කැරැල්ල පැවති ආකාරය හා එය මර්දනය කළ ආකාරය පිළිබඳව මෙරට හටගත් උද්ඝෝෂණය
එංගලන්තය දක්‌වා විහිද ගොස් ඒ පිළිබඳ එහි පාර්ලිමේන්තුවේද කතා පවත්වන්නට
යෙදුනි. ලේ සෙලවීමකින් තොර සිංහල කැරැල්ලක් ලේ වගුරුවමින් සාහසිකව මර්දනය
කළ අන්දමත් පිළිබඳ පරීක්‍ෂා කිරීමට විශේෂ කොමිසමක් පත් කෙරිණි. එහි
ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඉදිරිපත් කරන ලද යෝජනා අනුව ආණ්‌ඩුකාරයා වූ
ටොරින්ටන් සාමිවරයාද විජිතභාර ලේකම්වරයා වූ එමර්සන් මෙනන් මහතාද එම
තනතුරුවලින් පහ කරන ලදුව ආපසු එංගලන්තයට කැඳවන ලද්දේය. කැරළිකරුවන් 34
දෙනෙකුට රාජෙද්‍රdaහී චෝදනා එල්ල වූ අතර යුද්ධාධිකරණයට පමුණුවනු ලැබ
චෝදනාවන්ට වැරදිකරුවන් වූ 17 දෙනෙකුට මරණීය දණ්‌ඩනය පමුණුවන ලදී.
සෙස්‌සන්ගෙන් වැඩිදෙනෙක් පිටුවහල් කරන ලදී. සුද්දන් කැරළිකරුවන්ට
රාජෙද්‍රdaහී ලේබලය ගැසුව නමුදු ඔවුන් ඔවුන්ට ආවේණික ක්‍රමයට යුක්‌තිය
පසිඳලීය.
වගකිවයුතු රජයක් ලෙස මේ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් කිරීම වත්මන් රජයේ
වගකීම වේ. නිහඬ බව ෙ€දවාචකයක් මෙන්ම මහා විනාශයක පෙර නිමිත්තක්‌ද විය
හැකිය.
සුජාතා අලහකෝන්
(මාතලේ හිටපු ජ.වි.පෙ. දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී)