හිට්ලර්ගේ ආහාර රස බැලු ඇය



හර්ෂි සි. පෙරේරා

මිට ශතවර්ෂ බාගයකට පමණ පෙර දෙවන ලෝක යුද සමයේ ඇය හිට්ලර්ගේ ආහාර රස බලන්නියන් 15 දෙනාගෙන් එක කෙනෙකු ලෙස සේවය කළාය. එසේ වුයේ හිට්ලර් තමාට බ්‍රිතාන්ය වස දෙනු ඇති බවට බියෙන් පසු වීමයි. ඇය නමින් මගොට් වොක්ය . ඇය මිට මාස කිහිපයකට පෙර සිය 95 වැනි උපන් දිනය සැමරුවාය. 1945 මැයි දෙක රුසියානු හමුදා ආක්‍රමණය හමුවේ ජර්මනිය යටත් වූ අතර හිට්ලර් සිය පදිංචි ස්ථානය හැර ගිය අතර පසුව සියදිවි නසා ගත් බව වාර්තා වේ. ඒ සමගම යුරෝපයේ යුද්දය අවසන් විය. ඉන්පසු ඇය වයිද්යවරයකුගේ නිවසකට රැගෙන ගිය අතර තමාව මේජර් බලින් ලෙස හදුන්වා ගත් පුද්ගලයකු දින 14 ක් තිස්සේ එක දිගට දුෂණය කල බව පවසන්නීය. දුෂණයෙන් පසු ඇය අසනීප වූ අතර ඇයට දරුවන්ද නැත. ඇය පවසන ආකාරයට ඉන්පසු සියල්ල විනාශ විය. ඉතිරි රස බලන්නියන් 14 දෙනාවම රුසියානු හමුදා වෙඩි තබා මරා දැමු අතර දැනට ජිවතුන් අතර සිටින්නේ ඇය පමණි. දිනකට හෙදියන් කිහිපදෙනෙකු ඇය සිටින එංගලන්තයේ නිවසට පැමිණෙන අතර එක ලේලියක් නිරතුරුව පැමිණ සුවදුක් විමසා බලන්නීය. ඇගේ ජිවිතයේ අවසාන කාලයේ ඇගේ කථාව කීම මගින් සිය මනස නිදොස් කර ගැනීමේ අවශ්‍යතාව ඇයට ඇතිව තිබේ.