ආරක්ෂක ලේකම් වරයා මාතලේ සමුහ මිනීවල සම්බන්ධයෙන් වරදකරු කිරීමේ උත්සාහයක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.
සමුහ මිනීවල පිළිබඳ පරික්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳුදා ජනමාධ්‍ය වේදීන් අමතා කොළඹදී කියා සිටියේය.
ජනාධිපති කොමිසමක් පත් කරනුයේ පරීක්ෂණ යට ගැසීමට යයි ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු "මේ රජය කිසිම දෙකට බය විය යුතු නැහැ, මේ ආණ්ඩුව නෙමෙයි බලයේ සිටියේ, බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය," යැයි ප්‍රකාශ කළේය.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනමාධ්‍ය අමතා කියා තිබුනේ අධිකරණය මළ සිරුරු පිලිබඳ කාල වකවානු තහවුරු කොට ඇති හෙයින්, තවත් කොමිසම් පත් කිරීම 'කල් මැරීමේ' උපායක් බවයි.
ලක්ෂ්මන් හුළුගල්ල
"ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ සේවය කරන කොට, ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති තුමා ඒ වගේ අයත් ඒ ප්‍රදේශයේ කටයුතු කරලා තියනවා"
මාතලේ සමුහ මිනීවලෙන් හමුවූයේ කවර කලෙක මරණයට පත් පුද්ගලයන්ගේ සිරුරුදැයි තවමත් තහවුරු වී නැති බවද පැවසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා මෙම මිනීවලෙන් දේශපාලන වාසි ගැනීමෙන් වළකින්නැයි එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේය.

ජවිපෙ දෙවැනි කැරැල්ල
ගොඩ ගන්නා ලද 150 කට වැඩි පිරිසකගේ හිස් කබල් හා ඇට සැකිලි විද්‍යාත්මක පරීක්ෂණයකට භාජන කළ විශේෂඥයන් පසුගිය මස අගදී අධිකරණයට දැනුම් දී තිබුනේ 1986 ත් 1989 ත් අතර කාල වකවානුවේදී මරා දැමුණු අය මාතලේ සමුහ වශයෙන් වල දමා තිබෙන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ කැරැල්ලට එරෙහිව රජය යුද වැද සිටි ඒ සමයේ 1989 පටන් මාතලේ හමුදා ප්‍රධානියා ලෙස වුයේ ගෝඨාභය රාජපක්ෂ.
"ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ සේවය කරන කොට, ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති තුමා ඒ වගේ අයත් ඒ ප්‍රදේශයේ කටයුතු කරලා තියනවා," ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් පැවසීය.
කිසිදු ස්වභාවික හේතුවක් හෝ රෝගාබාධයක් මාතලේ සමූහ මරණ වලට තුඩුදී නැති බවයි විශේෂඥ නිගමනය.
පරීක්ෂණය සිදු කරනු ලැබුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින්.
කෙසේ වෙතත් පළාතේ රෝගාබාධ හා ස්වභාවික වලින් මියගිය පිරිස් පිළිබඳ වාර්තා ඇතැයි කී ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රකාශකයා ඝාතන සම්බන්ධයෙන් දොස් පැවරුවේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණටයි.
BBC