ඉන්දියාව ;- ස්ත්‍රී දුෂණයෙන් පසු 05 හැවිරිදි දරුවාගේ තත්වය බරපතලයි.



හර්ෂි සි. පෙරේරා

 නව දිල්ලියේ පැහැර ගැනීමට සහ ස්ත්‍රී දුෂණයට ලක්වූ 05 හැවිරිදි දරුවා සිය ජීවිතය උදෙසා සටන් වදී. මේ අපරාදය ඇයට දින දෙකක් පුරා සිදුකරනු ලැබුවේ නව දිල්ලියේ 22 හැවිරිදි වියේ පසුවූ අසල්වැසියෙකු විසිනි. මෙය තිරිසන් ලිංගික අතවරයක් ලෙස හදුන්වන රෝහල් බලදාරින් ස්ත්‍රී දුෂකයා ඇගේ ගෙල සිරකර මිය යාමට අතහැර තිබුණු බව සදහන් කරති. ඇගේ ප්‍රජනේන්ද්‍රිය අන්ගචේදනයට ලක්කර තිබු අතර එයට විවිද ද්රවිය ඇතුලත් කර තිබිණි. සදුදා දැරිය අගියාතක් නොමැති විය. බදාදා ඇගේ කගැසිම පුද්ගලයකුට ඇසි ඇති අතර ඉන්පසුව රෝහල් ගත කර තිබේ. ඇගේ පියා චෝදනා කරන්නේ පොලිසිය ඉන්දීය රුපියල් 2000 ක අල්ලසක් දීමට උත්සහ කරමින් සිද්දිය සම්බන්දයෙන් පවුල නිශ්ශබ්ද කිරීමට උත්සහ කල බවයි. ඇය නැතිවූ අවස්ථාවේ පියා විසින් කල පැමිණිල්ල බාර ගැනීමද පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ පොලිසිය අදාල විමර්ශන සම්බන්දයෙන් අසංවේදී බවයි. පවුලේ සාමාජිකයින් අසල්වැසියන් සහ ක්රියදරයින් අපරාදයට එරෙහිව රෝහල ඉදිරිපිට උද්ගෝෂණ වල නිරත වේ. ඉන්දීය අගමැති මන්මෝහන්සිං ද මෙය ලජ්ජා සහගත සිද්දියක් බව පවසන අතර ඉන් තමා දැඩි කලබලයට පත්වූ බවද කියා සිටි. මේ සිද්දිය සිදුවන්නේ නවදිල්ලියේ ඉන්දීය ශිෂ්‍යාවක් රංචු ගැසී ස්ත්‍රී දුෂණයට ලක්ව මාස ගණනාවකට පසුවය.