මේ චායාරුපයේ දැක්වෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු
නිලධාරියෙකු වූ මුද්දරගම ජේ ඩී සී ජයසිංහ නමැති පාපතරයා විසින් රැකියාවක්
ලබා දීමට පොරොන්දුවී රවටා දුෂණය කිරීම නිසා දිවි නසාගත් මිනුවන්ගොඩ
මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියගේ මවයි. නමින් නන්දිරත්න දොරගේ ශාන්ති වන
ඇය මේ වන විට ආර්ථික වශයෙන් ඉතාම අසරණ තත්වයකට පත්වී ඇත. කටුනායක ඇඟලුම්
කර්මාන්තශාලාවක සේවය කල දියණිය වූ මල්දෙනියගේ ප්‍රියදර්ශනී පවුලේ එකම
යැපීම් මාර්ගය වූ අතර ප්‍රියදර්ශනීගේ මරණින් පසුව ශාන්ති ජීවිකාව ගැට
ගසාගන්නේ සති පොලේ එළවලු විකිනිමෙනි. ඇයගේ සැමියාද දියණියගේ මරණින් පසු
නිතර අසනීප තත්වයෙන් පසුවන නිසා පවුලේ බරට කර ගැසීමට ශාන්තිට සිදුවී
තිබේ. කාමාතුර නිලධාරියෙකු විසින් අසරණභාවයට පත් කරන ලද මෙම පවුලට උපකාර කල
හැකි කෙනෙකු සිටියි නම් එය මහඟු පිනකි. ඇයගේ ලිපිනය : නන්දිරත්න දොරගේ
ශාන්ති 156 / Fමෝලවත්ත ඕපාත කොටුගොඩ.
දර්ශනී විමලසුරිය
මල්දෙනියගේ ප්රියදර්ශනීට සිදුවූ අසාධාරණය පිළිබඳව මිට පෙර පළ වූ පුවත් සාරාංශය
කාමාතුරයකුගේ ගොදුරක් වූ ප්‍රියදර්ශනී |
ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ නොහොත් මුද්දරගම
කුකුල් චාලි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ
නිලධාරියෙකු වන ජේ . ඩී. සී ජයසිංහ විසින් 1999 වසරේදී මිනුවන්ගොඩ රෝහලේ
කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ
පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය සෞක්‍ය අමාත්‍යංශයේ
සම්මුක පරීක්ෂණයකට ගෙන යාමේ මුවාවෙන් මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන
ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කළේය. අනාගතය ගැන දහසක් බලපොරොත්තු තබා සිටි
තරුණිය තමා කපටියෙකුට රැවටුණු බව තේරුම් ගත්තාය. නමුත් ඒ වන විට ඇය
ප්‍රමාදය. ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ මුද්දරගම ප්‍රදේශයේ ජිවත් වූ
විවාහකයෙකි. මත්පැනට ලොල් වී සිටින මෙම නිලධාරියා මාන්ගෙදර මුද්දරගම ගම්
වාසීන් විසින් හඳුන්වන්නේ කුකුල් චාලි නමිනි. තමාට සිදුවූ අසාධාරණය ගැන ජේ
. ඩී සී ජයසිංහ ගේ බිරිඳ හමුවී තතු කීමට මල්දෙනියගේ ප්‍රියදර්ශනී ජේ . ඩී
සී ජයසිංහ ජීවත් වන මීරිගම - මුද්දරගමට ගියාය. නමුත් ඔහුගේ බිරිඳ ඇයට මුහුණ
දුන්නේ නැත. ඒ නිසා ඇය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස මහතා හමු වී
තමාට සිදු වූ ලිංගික අතවරය ගැන දැනුම් දීමක් කලාය. මුද්දරගම ග්‍රාම
නිලධාරී එස් ඒ ජයතිස්ස යනු ජේ . ඩී සී ජයසිංහ ගේ සමීප මිතුරෙකු බව
ප්‍රියදර්ශනී දැන සිටියේ නැත. ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස තරුණිය විසින්
කල ලිබිත පැමිණිල්ල යට ගැසීමට උත්සහ කළේය. ඔහු ඇයට කළු ගලේ ඔලුව නොගසාගන්නා
ලෙසටද අවවාදයක් කල බව එම අවස්ථාවේ එතැන සිටි මුද්දරගම ප්රදේශවාසියෙක්
පසුව පවසන ලදී. ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සගෙන් සාධාරණයක් නොවන නිසා
තරුණිය මීරිගම පොලිස් ස්ථානය වෙත යාමට සුදානම් විය. එයටද ග්‍රාම
නිලධාරිවරයා බදා කළේය. නමුත් තරුණිය පොලිසියට ගියාය.
තරුණිය පොලිසියට පිටත් වීමත් සමගම ග්‍රාම නිලධාරියා
දුරකතනයෙන් ජයසිංහ අමතා සියලු තොරතුරු කිවේය. ඔහු වහාම ක්‍රියාත්මක වී අදාල
ස්ථාන දැනුවත් කළේය. මීරිගම පොලිසියට ගිය මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියට
කිසිම අනුග්‍රහයක් නොලැබිණි. යටත් පිරිසෙන් ඔවුන් අයගේ පැමිණිල්ල ලියා
ගැනීමට පවා උනන්දු නොවුහ. ඇයට සැලකුවේ ගණිකාවකට මෙනි. මේ නිසා අසරණ වූ
තරුණිය පොලිස් ස්ථානයෙන් පිට වුවාය. මේ අතර ස්ත්‍රී දුෂකයා ප්රියදර්ශනීට
තර්ජනය කරමිනි යළි මුද්දරගමට පැමිණියහොත් අයගේ මුළු පවුලම මරා දමන බවට
තර්ජනය කළේය. ස්ත්‍රී දුෂක ජේ . ඩී. සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන්
චාල්ස් ජයසිංහ ගේ තර්ජන නිසා තරුණියට රැකියාවට පවා යාමට නොහැකි වුවාය.
දුෂකයාගේ තර්ජන , අවමාන , නිසා තරුණියට තව දුරටත් ජීවත් වීම එපා විය. මේ
හිරිහැර කරදර නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය
කිරීමෙන් දිවි නසා ගත්තාය. ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය යට ගැසීමට
ජයසිංහ සමත් විය.
මෙම දුෂණයට විරුද්ද වූ මුද්දරගම ගම් වාසීන් විසින්
නොයෙකුත් කාන්තා සංවිධාන දැනුවත් කිරීමෙන් පසු කාන්තා පරියේෂණ කේන්ද්‍රයේ
පී පතිරණගේ සහ කමලිනි විජේතිලක යන මහත්ම මහත්මීන් විසින් 1999 වසරේ
මල්දෙනියගේ ප්‍රියදර්ශනී විසින් මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට කල
ලිබිත පැමිණිල්ලේ පිටපතක් ඉල්ලා සිටියද ඔහු එවැනි පිටපතක් තමා ළඟ නොමැති
බව පවසා පරීක්ෂණයට කිසිදු සහයෝගයක් නොදැක්විය. මේ වන විට ජේ . ඩී. සී
ජයසිංහ ගේ උපදෙස් මත ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස විසින් එම පිටපත විනාශ
කරන්නට ඇති බව මුද්දරගම ප්‍රදේශයේ සමාජ සේවකයෙකු වන ටී. කේ විමලසේන මහතා
පවසයි. එසේම තමන්ට විරුද්දව සාක්ෂි දෙන පුද්ගලයන් කසිප්පු නඩු වලට හිර කරන
බවට ජේ . ඩී. සී ජයසිංහ විසින් කර ඇති විවෘත තර්ජනය නිසා බොහෝ ගම්වාසීන්
දැන් නිහඬව සිටිති. මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා
විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම
විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට
තිබුණු බවද වාර්තා වේ. එසේම ඔහු ඔහු වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ
සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික
අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම
මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් නින්දිත ලෙස පළවා හරින ලද
පුද්ගලයෙකි. පසුව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
(පාලන ) ලෙස සේවය කල ජේ ඩී සී ජයසිංහ වර්තමානයේ රාජ්‍ය භාෂා කොමසාරිස්
ධූරය දරයි. ආචාර්ය නන්දදේව විජේසේකර වැනි ගෞරවනිය උගතුන් හෙබවූ මෙම ධුරයට
ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර පිලිබඳ චෝදනා ලබා සිටින සුරා ධුර්තයෙකු පත්
කිරීම පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අප්‍රසාදය පල කරති.