හර්ෂි සි. පෙරේරා
"ඇමෙරිකාව ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගත්තත් එයින් මේ රටේ පැවැත්මට කිසිදු බාධාවක් නොවන බවත් ජගත් මානව අයිතිවාසිකම් සමුළුවම ඊශ්‍රායලයට විරුද්ධව මෙවැනිම යෝජනා එකසියපහක් පමණ සම්මත කරගෙන තිබෙන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ පීඨාධිපති හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජික ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි."
මොහු කොයිබටද? මොහු නියෝජනය කරන මානව හිමිකම් කොමිසම කොයිබටද? එකක් පැහැදිලිය. මොහු මානව හිමිකම් පසෙකලා මහින්ද රාජපක්ෂට කඩේ යන්නකු බවය. ජිනීවා යෝජනාවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුගී විදේශ ප්‍රතිපත්තිය ස්රිජුව බලපාන ලදී. අපේ රාජ තාන්ත්‍රික දුර්වලතා වසා ගැනීමට රට ඊශ්‍රායලයට සම කිරීමට තරම් මානව හිමිකම් කොමිසම නියෝජනය කරන ප්‍රතිබා මහානාම හේවා සැහැසි වී තිබේ. මානව හිමිකම් කොමිසම නියෝජනය කරන්නන් මෙබදුනම් ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන්නේ කෙසේද යන්න ගැන අමුතුවෙන් සිතා ගැනීමට දෙයක් නැත.