මාලී දේශයේදී හොලන්දේ දුන් ප්‍රතිඥාව,,,

   ප්‍රංශ ජනාධිපති ප්‍රැන්සිස් හොලන්දේ මාලී දේශයේ එක් දින සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ  කර තිබෙන්නේ, එරටින් තම සෙබළුන්  ඉවත් කර ගැනීමට සුදානම් බවයි. වැඩි දුරටත් ඔහු ප්‍රකාශ  කර තිබෙන්නේ  මාලී දේශයේ  නැගෙනහිර කොටසේ තම ක්‍රියාකාර කම් දිගටම කරගෙන යන බවත් හමුදාමය  ක්‍රියාකාර කම් අත් හිටු වන බවත්ය. ප්‍රංශ හමුදාවට මෙසේ මාලී දේශයට පැමිණීමට සිදු වුයේ අල්-ඛයිඩා සංධානයට සම්බන්ද ත්‍රස්ත සංවිධානයක් එරට නගර කිහිපයක් අත් පත් කර ගැනිමත් සමගය. ඒ අනුව ප්‍රංශ හමුදාවට එම නගර ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමට හැකි විය.