උප්පැන්නයේ පියාගේ නම නැත.



හර්ෂි සි. පෙරේරා

යෝජරාජ් තියාගනි වයස අවුරුදු 23 යි. එක් දරු මවකි. වවන්දන්වත්ත රම්බොඩ පදිංචිව සිටි. මිට අවුරුදු 03 කට පෙර ඇය සහ රම්බොඩ පදිංචි කන්දසාමි කාන්ත කුමාර් අවුරුදු 27 යි අතර ප්රෙමසම්බන්දයක් ඇතිව තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඇය ගැබ් ගෙන ඇත. එවිට ඔහු ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් ඇති මුත් දරු ගැබට මාස 06 ක් බැවින් ගබ්සා කිරීම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. දැන් ඔහු ඇයව විවාහ කර ගැනීම වෙනුවට මග හරිමින් සිටි. 2013 පෙබරවාරි 06 වැනි දින කොලබ සොයිසා රෝහලේදී ඇයට දරුවා ලැබී ඇත. දැන් ඔහු කියන්නේ දරුවා තමාගේ නොවන බවයි. තියාගනි ගේ මව පිටරට රැකියාවක් කර ලංකාවට පැමිණ සිටින අතර තියගනිට කොලබ ඔරුගොදවත්තෙන් ගෙයක්ද මිලට ගෙන ඇත. තමා විවාහ කර ගන්නා ලෙස පොරොන්දුව මත තමා සමග අබුසැමියන් ලෙසට හැසිරී දරුවකු ලබා දීමට අමතරව තමාගෙන් රුපියල් පන්ලක්ෂ හතලිස් දෙදහස් හත්සියයක මුදලක් වංචා කිරීම ගැන ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නයි තියාගනි 2013.02.26 දින කොත්මලේ පොලිසියේ ස්ථානදිපතිගෙන් ලිකිතව ඉල්ලා සිටියාය.