පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පානදුර දකුණ පොලිසියේ නින්දිත වැඩක්‌ .



හර්ෂි සි. පෙරේරා 

තියගරජා කාලෙයි සෙල්වන් 21 හැවිරිදි තරුණයෙකි.  පානදුර එළුවිල ඔටෝ විෂන් එන්ටප්රිසස් ආයතනයේ වෙළදසැල් සහයක  ලෙස සේවය කරයි.  2013.01.18 දින සේවා ස්ථානයේදී බොඩි ෂෙල් ගැන විමසමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්දි අංශයේ පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුලු පිරිස ඔහුව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී ඇත. පසුව පානදුර දකුණ පොලිසියට ගෙනවිත් එහිදීද පහරදී ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අසල නිවසක වැඩ කරමින් සිට සිද්දිය බැලීමට පැමිණි 21 හැවිරිදි කසුන් එරන්දවද අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුවත් පානදුර දකුණ පොලිසියට රැගෙන විත් අවමන් සහගත ලෙස සලකනු ලැබ ඇත. පසුව දෙදෙනාටම වියාජ චෝදනා නගා වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප පිට මුදා හැර ඇත. සෙල්වන් සහ කසුන් 2013.02.13 මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළහ.  ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්දි අංශයේ නදීක සිල්වා ඇතුළු පිරිසට සහ පානදුර දකුණ පොලිසියේ අපරාද අංශයේ ස්ථානදිපති ඇතුළු නිලදරින්ට විරුද්දව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නයි 
ඉල්ලමිනි.