"මිනිහත් එක්ක පලයන් !" - කා පො සැ 3329 සිතා රන්ජනී.



හර්ෂි සි. පෙරේරා

ඇඹිලිපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කා පො සැ 3329 සිතා රන්ජනී මෙසේ තර්ජනය කර බැන වැදුනේ 21 හැවිරිදි විවාහක එක් දරු මවක් වන උදේනි ප්‍රියංගිකා කුමාරිටය. ඇය ඇලගව ලොකු මහත්තයලගේ ගෙදර හින්දලු ඉන්න පලුකටුව ඇඹිලිපිටියේ පදිංචිකාරියකි. ඇගේ දියණියට වයස මාස 71/2 කි.

 මෙම සිද්දියේ ගෘහස්ත හින්සකයා නොහොත් ඇගේ සුවමිපුරුශයගේ නම වර්ණසිංහ පුන්චිහෙවගේ නිශාන්ත කුමාරය. ඇගේ සැමියා විවාහ වී සතියක් ඉකුත් වූ පසු ඇයට දැවැද්ද ඉල්ලා කරදර කරමින් ශාරීරිකව හා මානසිකව හිංසා කිරීම ආරම්බ කරන ලදී. මෙවැනි බරපතල අවස්ථා දෙකකදීම ඇයට ගබ්සා වීම දෙකක් සිදුවී ඇත.

 ඇගේ සැමියා හා ළමා හා කාන්තා කාර්යාංශයේ කා පො සැ 3329 සිතා රන්ජනී අතර පවතින අයතා දුෂිත සම්බන්දය නිසා ගෘහස්ත හිංසක සැමියාට විරුද්දව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. ඒ වෙනුවට ඇයට සහ ඇගේ බාප්පාට විරුද්දව ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත මුළු මනින්ම විකුර්ති කොට ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවක් පවරා තිබේ. 

එම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත යටතේ වන 79046/12 දරන වියාජ නඩුව ඉවත් කර ගන්නා ලෙසත් ඇඹිලිපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කා පො සැ 3329 සිතා රන්ජනී ඇතුළු ඇම්බිලිපිටිය පොලිසියේ ස්ථානදිපතිවරයා ඇතුළු අදාල නිලදරින්ට විරුද්දව නීතිමය හා විනයානුකුල පියවර ගන්නයි ඉල්ලමින් 2013.02.16 දින නීතිපතිට, පොලිස්පතිට සහ රත්නපුර ජෙෂ්ට පොලිස් අදිකාරි වෙත ඇය ලිකිතව පැමිණිලි කළාය.