හර්ෂි සි. පෙරේරා
හෙට උදේ 10 ට උපරිමදිකරන සංකීර්ණයෙන් ඇරබෙන අදිකරණය රැක ගැනීමේ දැවැන්ත උද්ගොෂණයට එක්වීම ජනතාවගේ යුතුකමකි වගකීමකි. මේ වන විට දෝෂාබියෝගය ගැන කටයුතු කල පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව ගැන තීන්දු දුන් අබියචනදිකරන විනිසුරුවරුන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇත. මෙවන් පසුබිමක සාමාන්‍ය ජනතාවට ඇත්තේ තමන්ගේම ශක්තිය පමණි. ඒ ශක්තියට වෙනස් කල නොහැකි කිසිවක් නැත. ඒ සදහා ඔවුන්ට මගපෙන්වීමක් සහ නායකත්වයක් අවශ්‍ය වී ඇති අතර අගවිනිසුරුවරියගෙන් දිගින් දිගටම විද්‍යමාන වන සටන්කාමිත්වය අවශ්‍ය රික්තය පිරවීමට ප්රමාණවත්ය. ඇගේ නොසැලෙන පවුර්ශය පිටිපස්සේ ඇත්තේ අවන්කබාවයයි. වංචා කලේ අගේ සැමියා මිස ඇය නොවේ. ඇගේ යම් යම් දුර්වලතා තිබුනද ඒ මහා පරිමාණ චෝදනා කිරීමකට නොසැහේ . ඇයට එරෙහිව අවි අමෝරා සිටින සියල්ලන් පවුකාරයින් බවට සාක්ෂි ඔනතරම්ය. ඒ නිසා පළමු ගල ගැසීමට සුදුස්සෙක් ඒ අතර නොමැත. අපි හෙට පැවැත්වෙන උද්ගොෂණයට යායුත්තේ මේ නිසාය. අපේ අවසාන ආරක්ෂකයා අදිකරනයයි. ඒ පිළිබද බොහෝ කලකිරීම් ඇත. සාමාන්‍ය ජනයා රස්තියාදු කරන රාජ්‍ය ආයතන වලින් එකක් ලෙස අදිකරයන ඉතා ප්‍රසිද්දිය. නමුත් එයත් නැති වුවහොත් අපට අන් සරණක් නැත. සියල්ලේ වෙනසකට හෙට මුල පුරමු.
-->