පවුල් උපදේශනය



සටහන 

ශෂිකලා ඩි ජි පුංචිහේවා

සෑම මහේස්ත්‍රාත් අධිකරණයකම පවුල් උපදේශන සේවාව පවුල් උපදේශන නිලධාරී යටතේ  මේ වන විට ආරම්භ කර ඇතී බව ල දැකගත හැක .මෙම සේවාව යටතේ ලඅධිකරණයට යොමු වන දික්කසාද නඩු පවුල් ආරවුල් නඩත්තු නඩු ආදී මෙම සේවා ගණයට වැටෙන නඩු විසදීමට විනිසුරුවරයාට පවුල් උපදේශන සේවාව උපකාරී වේ. මෙහිදී පවුල් උපදේශන නිලධාරී විසින් විනිසුරුවරයා යොමු කරන අදාල නඩු සදහා නිර්දේශ සපයනු ලබයි. නිලධාරියා පාර්ශවයන් තම නිල කාමරයේදී උපදේශනය හා දැනුවත් කිරීම් වලින් පොහොසත් කර නඩු පමාව හා පාර්ශවයන්ගේ අනවබෝධ ඉවත් කර ඉක්මන් විසදුමක් වෙත යොමු කරයි. වරෙක මෙය සමාජ සේවාවකි. නිලධාරියට තෘප්තිමත් සේවයකි. දරුවන්ගේ අනාගතය හා සමාජ වටපිටාව තුල ආරක්ෂණය ගකරන්නකි. පවුල් ප්‍රශ්න අදාල පාර්ශවයන් විවෘත භාවයෙන් යුතුව සාකච්චා වේ. තම අඩුපාඩු වටහා ගනී . අනෙක් අතට නීති නිලධාරීන්ට නම් නඩු අඩු වීමක් හා නඩුවේ ඉක්මන් විසදුම් තුලින් තම ආර්ථිකයට හානියක් වේ .කෙසේ වෙතත් දුප්පතුන්ට නම් සහනදායි සේවාවක් මෙමගින් සැලසේ . අධිකරණ සේවාව තුල මෙවැනි උපදේශන සේවාවන් තිබීම එක් සමාජ ප්‍රශ්නයක් විසදිමකි. -->