අතුරුදහන්ව සිටි කනගරත්නම් ගුරුවරයාගේ මල සිරුර හමු වේ

නින්දවූර් අටිටපාලම් සිංහාරපුරි ගංගාවේ සැඬපහරට හසුව් අතුරුදහන්ව සිටි කල්මුනේ පාණ්ඩිරුපු පදිංචී වෙල්ලෙයිකුට්ටී කනගරත්නමි නැමති ගුරුවරයා (අවු 48)ගේ මළ සිරුර හමුවු බව සමන්තුරෙයි පොලිසිය ප්‍රකාශ කර ඇත.

එරාවුර් අටිටපලෙයි ගුරුවරයකු ලෙස කටයුතු කල මොහු 2013.01.10 වන දින විද්‍යාලයේ සිට තිරායක්කේනිහී පිහිටි තම සහෝදරයාගේ නිවසට යමින් සිටියදී ගංවතුරට හසුවි අතුරුදහන් විය. ඉන් අනතුරුව ඔහුගේ ඥාතින් සහ පොලිසිය ඔහුව සෙවිමට දැඩි උත්සහයක් ගෙන ඇති අතර, 2013.01.11 වන දින ඔහුගේ මළ සිරුර හමුවි ඇත.