පදනම් විරහිත වාර්තාවක් පාර්ලිමේන්තුවේ විවාද කර පලක් නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පවතී මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය;
ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අග්රවිනිශ්චයකාරවරියට විවිධ බලපෑම් එල්ල කළා. එහි උච්චතම අවස්ථාව තමයි දෝෂාභියෝගය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වුණා. 78(ආ) වගන්තියට අනුව අධිකරණය තීන්දුවක් ලබාදී තිඛෙනවා. අධිකරණය ලබාදුන් අර්ථකතනයේ සඳහන් වුණේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යනු රටේ පොදු නීතිය නොවන බවයි. ස්ථාවර නියෝග යනු පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ගොඩනගා තිඛෙන රීතීන් මාලාවක් බවයි. එය ජනතාවට බලපාන නීතියක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් ඉවත්කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට බැහැ. එය ව්‍යවස්ථාවේ 78(ආ) වගන්තිය සමඟ ගැටෙනවා. මේ රටේ නීතියට අනුව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව වලංගු වාර්තාවක් නොවේ. එය පිලිගත හැක්කක් නොවේ. දැන් ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නමන්න ඕනෑ. එම තීන්දුවට අනුව වැඩකළේ නැත්නම් රටේ මහා අවුලක් ඇතිවෙනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්වුනු පාර්ලිමේන්තුව නීතිය නොසලකා කටයුතුකරයි නම් රටේ ජනතාවත් නීතිය නොසලකා හරියි. එවිට රටේ විනයක්, නීතියක් නැතිවී යාමට පුළුවන්. රටේ අරාජික්තවයක් ඇතිවෙනවා. තීන්දුවට රටේ ජනාධිපතිවරයාගේ සිට කොයි කවුරුත් අවනත විය යුතුයි. රටේ ඇතිවිය හැකි අරාජිකත්වය වළක්වන්න පුළුවන් එයින් පමණයි.
අගවිනිසුරුතුමිය කිව්වොත් කමිටුව නීති විරෝධීයි, අධිකරණ තීන්දුවට ගරු කරමින් තමන් බලයේ සිටින බවත්, ඊට එරෙහිව ආණ්ඩුව පාර්ලිමේන්තුව උත්තරීතරයි කියමින් අධිකරණ තීන්දු නොලකා හැරියොත් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර බරපතල ගැටුමක් නිර්මාණය වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රටේ ජනතාවට අධිකරණය පිළිබඳවත් පාර්ලිම්න්තුව පිළිබඳවත් කිසිදු විශ්වාසයක් නැතිවී යාමයි. එය රටේ යහ පාලනයට බරපතල තර්ජනයක්. පාර්ලිමේන්තු කාරක සභාවේ දෙවන සභාවාරයේදී අපි කියා සිටියා අධිකරණයේ විභාග අවසන් වනතුරු කාරක සභාවේ වැඩකටයුතු තාවකාලිකව නතර කරන්න කියලා. නමුත් ආණ්ඩුව කළේ ඔවුන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමයි. එයින් රටතුළ මහත් ආන්දෝළනයක් ඇතිකළා. දැන්වත් ආණ්ඩුව වහාම කළයුතු වන්නේ රටේ නීතියට අනුව කටයුතු කිරීමයි. රට අරාජිකත්වයට ඇදගෙන යන එක නැවැත්විය යුතුයි. බලහත්කාරය පාවිච්චි කරමින් ඒකාධිපති පාලනයකට නොයන ලෙස ආණ්ඩුවට බල කරනවා. ජනතාවගේ විරෝධය ඊට එරෙහිව ගොඩනැගෙමින් එනවා. දැන්වත් ආණ්ඩුව කළයුතු වන්නේ දෝෂාභියෝගය හකුළා ගැනීමයි. රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමයි. තමන්ගේ හිතුමතේට අත්තනෝමතිකව වැඩ කළොත් සිදුවන්නේ රට මහත් අරාජිකත්වයකට පත්වීමයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරු මාධ්‍යවලට කරන ප්‍රකාශ අනුව අපිට පෙනෙන්නේ අධිකරණ තීන්දු පිළි නොගෙන වැඩකරන්න යන බවයි. ඊට එරෙහිව පජනතාවගේ විරෝධය ගොඩනැගෙමින් තිඛෙනවා. ආණ්ඩුව කල්පනා කරනවා, කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න. නමුත් අපි කියනවා අධිකරණය මගින් තීන්දු කර තිඛෙනවා පාර්ලිමේන්තු කාරක සභාව නීති විරෝධීයි කියලා. ඉතින් එයින් සකස් කළ වාර්තාවත් නීති විරෝධී වාර්තාවක්. මෙම පනදනම් විරහිත වාර්තාවක් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද මොකටද? අපි තරයේ කියා සිටිනවා මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නැති බව.
ආණ්ඩුවේ මෙම ප්‍රජාන්ත්‍ර විරෝධී කි‍්‍රයාමාර්ග නතර කරන ලෙසත් දෝ්ෂාභියෝගය වහා හකුළා ගන්නා ලෙසත් බලකරමින් ලබන 07වන දින උද්ඝෝෂණ පා ගමනක් සංවිධානය කර තිඛෙනවා. සවස 3.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් පා ගමන ආරම්භ කොට හයිඩ් පිටියට ලඟා වන අතර එහිදී දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිඛෙනවා. පකෂ පාට භේදයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, සියලූ දෙනාගෙන් රටේ ප්රජාතන්ත්රවාදයට දිනාගැනීමට යුක්තිගරුක දේශයක් ගොඩනැගීමට එකතුවන ලෙස ඉල්ලා සිටිනවා.
ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත්
ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෙස අප දන්නවා රටේ නීතියේ මූලික පදනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව. ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් නීතියේ පාලනය පවත්වාගෙන යන ආකාරය පැහැදිළි කොට තිඛෙනවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය හැම නීතිරීතියක්ම පනවන්න උත්තරීතර බලයක් පවරා දී නැහැ. නීති පිළිබඳ කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සකස් කළ පසු ඒ පිළිබඳව ඕනෑම අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය විමසන්න පුළුවන්. එම කෙටුම්පත පිළිබඳව අධිකරණ තීන්දුවෙන් අනතුරුව තමයි නීතිය කි‍්‍රයාත්මක වීමට පුළුවන්. නමුත් වත්මන් පාලනය රජයට අවශ්‍ය බලතල පාවිච්චි කිරීමට අධිකරණය හීලෑ කරගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමිය තර්ජන ගර්ජන වලට බිය නොවී නීතියට එකඟව තමන්ගේ හෘද සාකෂියට එකඟව රටේ ව්‍යවස්ථාවට අනුකූලව තීන්දු තීරණ ලබාදුන්නා. මෙම දෝෂාභියෝගය ඉදිරිපත්කරන ආකාරය අනුව පෙනී ගියා ආණ්ඩුව උත්සාහ කරන්නේ අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කර ගන්න යන බව.
අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ ප්රශ්නය බරපතල වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තියට අනුව රජය කටයුතු කරන ආකාරයත් කාරක සභාව කටයුතු කරන ආකාරයත් ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න අධිකරණය තීන්දු කළා. මෙම තීරණය පිළිගන්න ආණ්ඩුවත් සියලූම ජනතාවත් බැඳී සිටිනවා. රජයේ ඇමතිවරු මෙම අර්ථදැක්වීම පිළිගැනීමට සූදානම් නැති බවක් තමයි අපිට පේන්නේ. එමෙන්ම එම තීන්දුව ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය බැඳී ඉන්නවා. මේ පිළිබඳව නඩු 8ක් මගින් රිට් ආඥාවක් ඉල්ලා තිඛෙනවා. කාරක සභාව ව්‍යවස්ථාවට පටහැනිව සදාචාර විරෝධීව වාර්තාවක් ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේදී විවාද කිරීමටත් නියමිතයි. අධිකරණය මෙනවා කිව්වත් දෝෂාභියෝග වාර්තාව මත කටයුතු කරන බව ආණ්ඩුව පවසනවා. එමෙන්ම කාරක සභාව අත්හිටුවන ලෙස අගවිනිසුරුතුමිය රිට් ආඥාවක් ඉල්ලා නඩුවක් ගොණුකොට තිඛෙනවා. ඊයේ ලබාදුන් තීන්දුවත් සමඟ අධිකරණය ඒ පිළිබඳව තහනම් ආඥාවක් ලබාදී තිඛෙනවා. පාර්ලිමෙන්තුව එය නොසලකා කටයුතු කළොත් එය ද~ුවම් ලැබිය හැකි වරදක් වෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු බළධාරීන් චෝදනාවට ලක්වන්න පුළුවන්. එසේ චෝදනා ලැබුවහොත් ඔවුන් දරන ධූරයන්වල තවදුරටත් රැඳී ඉන්න බැහැ. පකිස්තානයේ අගමැතිවරයා එසේ අධිකරණයෙන් ද~ුවම් ලැබුවා. ඔහුට ධූරයෙන් ඉවත්වන්න සිදුවුණා.
ව්‍යවස්ථාව පිළිපදින්න බැඳී සිටින පාර්ලිමේන්තුව අධිකරණය තීන්දු නොසලකා හරිනවා නම් අධිකරණයක් තිබිලා වැඩක් නැහැ. මේ රටේ විනිශ්චයකාරවරුන් නීතිය කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවුවහොත් නීතියේ පාලනය බිඳ වැටෙනවා. මිනිසුන් නීතිය අතට ගෙන කි‍්‍රයාත්මක වෙයි. අපරාධ නීතිය තව දුරටත් කි‍්‍රයාත්මක වන්නේ රටේ අධිකරණමය කි‍්‍රයාමාර්ග නිසා. එය බිඳ වැටුනොත් ජනතාවගේ ආරකෂාව තර්ජනයට ලක්වෙනවා. රට බිඳ වැටීමට ලක්වෙනවා. රටේ නීතියට ගරු නොකරන ආණ්ඩුවක් තවදුරටත් රට පාලනය කළයුතු නැහැ. මේ රටේ විද්වතුන්ගෙන් වෘත්තිකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ රටේ නීතිය ආරකෂා කිරීමට ආණ්ඩුවට බල කළයුතුයි කියලා. රටේ ජනතාවගෙන් පත්වන පාලකයින් නීතිය ආරකෂා නොකරයි නම් නීතියට ගරුකරන පාලනයක් ගෙනඒමට ජනතාවට හැකියාව තිඛෙනවා.
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
මේ රටේ අවුරුදු 30 ක යුද්ධයක් පැවතුනා. ඉන් අනතුරුව අවුරුදු තුනක නිවාඩුවක් තිබුනා. දැන් නැවතත් යුද්ධයක් පටන් අරගෙන. පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර යුද්ධයක් ආරම්භ වෙලා. නීතියේ ස්වාධීනත්වය ආරකෂා කරන්න තිඛෙන්නේ අධිකරණය නැමති දේවස්ථානයයි. රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය වෙනවා නම් එය ආරකෂා කරන්නෙ අධිකරණයයි. පෞද්ගලික හැඟීම්වලින් රටක් පාලනය කරන්න බැහැ. එහෙම පාලනයක් තියෙන්නේ රජවරුන් රට පාලනය කරන රාජාණ්ඩු වලයි. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන රටවල් එහෙම නැහැ. අපේ රට නම්කර තිඛෙන විදියට ශී‍්‍ර ලංකා ප්රජාත්නත්රවාදී සමාජවාදී ජනරජයයි. එසේ නම්කර තිඛෙන පරිදි සියලූම අයිතිවාසිකම් රටේ ජනතාවට ලැබිය යුතුයි.
අපේ රටේ ජනතාව ඉතාමත් නීතිගරුකයි. කවුරු හෝ හිරිහැර කළත් නීතියට ගරු කරමින් ඉවසා සිටිනවා. කොතරම් තමන් පීඩාවට පත්වන අධිකරණ තීන්දු ලැබුණත් එය පිළිගන්නවා. අධිකරණයට මුල්තැන දෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ට එරෙහිව දූූෂණ චෝදනා ලැබූ කෝප් වාර්තා තිබුණා. නමුත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැහැ. අන්තිමට ඒවා ඉස්කෝප්ප වාර්තා වුණා. මේ පාර්ලිමේන්තුවේ ජනතාවගේ අභිමතයන් නිරූපනය වෙන්නේ නැහැ. ජනතාව තමන්ගේ ඡන්ද අයිතිය රැකගත යුතුයි. ජනතාවට අලූත් සම්ප්රදායක් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඉන්දියාවේ සම්ප්රදායක් තිඛෙනවා දකින තොරතුරුවලින් නඩු පවරන සම්ප්රදායක්. අපේ රටේ තිඛෙන්නේ රජවරුන්ගේ සිතිවිලිවලට අනුව, සිහිනවලට අනුව, නඩු පවරන සම්ප්රදායක්. ඒ වෙනුවට ජනතාවගේ හැඟීම්වලින් නඩු පවරන සම්ප්රදායක් අපේ රටේ ගොඩනගන්න ඕන.
මෙහිදී නීතිඥ සුනිල් වටගල, නීතිඥ එකමුතුවේ සාමාජික නීතිඥ කේ.එස්. රත්නවේල් යන මහත්වරුද අදහස් දැක්වීය.