ත්රිමාණ
ලංකාවේ
ද ඇතුළුව ලෝකයේම ‛ගැන්ගම් ස්ටයිල්’ නම් ගීතය ජනප්රිය වී ඇති අතර ජාතික
රූපවාහිනියේ ප්රචාරය වන ‛සුජාත දියණිය’ මාලා නාටකය ද අතිශයින් ජනප්රිය වී
ඇත. මේ දේවල් මෙතරම් ජනප්රිය වන්නේ කුමන කාරණාවක් නිසාද? කිසිවෙකු
තමන්ගෙන් නොඅසන්නේ මේ ප්රශ්ණයයි.
උත්තරය ඉතා සරළය. එතරම් පැහැදිලිය.
‛ගැන්ගම් ස්ටයිල්’ ගීතය ඔබ වාදනය කර
බලන්න. ඒ තුළ කිසිවක් නැති බව වහාම ඔබට වැටහෙනු ඇත. එම බියෙන් අත්විදීමට
ඇති එකම මඟ වන්නේ එම ගීතය නැවත වාදනය කිරීමයි. එවිට නැවතත් ඒ තුළ කිසිවක්
නැති බව ඔබට වැටහෙනු ඇත. එවිට බියෙන් අත්විදීමට යළිත් එම ගීතය වාදනය කරන්න.
නැවත නැවත එය කරන්න. කිසිවක් නැති දෙයක් තුළ යමක් ඇති බව වැටහෙන තුරු ඒ
දෙයම යළි යළි කරන්න.
‛සුජාත දියණිය’ තුළ දිගට හරහට කෑම උයාගෙන
උයාගෙන යයි. නැවත නැවතත් උයයි. යළි යළිත් උයයි. ඔබ එයට පුරුදු වූ විට කෑම
උයනවා නොදැක ඉන්නට බැරිවෙයි. එවිට කෑම ඉවීම ඉවරයක් නැති තරම් නැරඹීම සදහා
අන්තර්ජාලයේ You Tube වෙත යන්න.
යමක් තුළ කිසිවක් නැතිබව වටහා ගන්නට
තරම් ඔබ මෝඩයෙක් නොවේ. නමුත් යමක් තුළ කිසිවක් නැති බව ඉවසීමට නොහැකි නම් ඒ
සදහා ඒ දෙය නැවත නැවත කරන්න. ඉන් ඔබට යම් විනෝදයක් ලැබේ. සමකාලීන
නරුමවාදයේ හැටි එහෙමය. හිස් බවට පවා පැවැත්මක් නරුමයා තුළ ජනිත වෙයි. අද
අපි ජීවත් වන අධිපති සමාජයේ අධිපති දෘෂ්ඨිවාදය නරුමවාදය වී ඇත්තේ මේ නිසාය.