මේතෙක් ඩක්ලස් කර තිබෙන්නේ කුමක්ද - විනායගමූර්ති

ග්ලෝබල් සිංහල පුවත්
 රජය සමඟ එක්වී සිටින අමාත්‍ය ඩක්ලස් දේවානන්දා මහතා දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා මෙතෙක් කුමන ආකාරයෙහි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතයිද දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී අප්පාතුරයි විනායගමූර්ති මහතා ප්‍රශ්ණකර තිබේ.

ඊයේ දින යාපනයෙහි පිහිටි ඔහුගේ කාර්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා තිබේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබානොදී දෙමළ ජාතික සන්ධානය කුමක් කරන්නේදැයි අමාත්‍ය ඩක්ලස් දේවානන්දා මහතා ප්‍රශ්ණකරමින් සිටියි. අප අසා සිටින්නෙමු. රජය සමඟ එක්වී අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ඩක්ලස් දේවානන්දා මහතා දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා මෙතෙක් කර තිබෙන ක්‍රියාමාර්ගයන් කුමක්ද?

උතුරෙහි තැනි තැන අමාත්‍යවරුන්ගේ හා ජනපතිගේ පෝස්ටර් - කට්අවුට් එල්ලා තිබේ. කට්අවුට් සඳහා ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කිරීම හැර ජනතාවට මෙමඟින් කිසිම යහපතක් නොමැත. ජනතාවගේ බදුමුදල් නාස්ති කර වෙනත් කථාද පවසන බවට විනායගමූර්ති මහතා පවසා තිබේ.