පොලිස් කොමිසම යකාට අදියි.


හර්ෂි සි. පෙරේරා

 ජාතික පොලිස් කොමිසම් සබාවට වයර් මාරු වී ඇති බවට තවත් නිදසුනකි මෙය. මේ ලිපිය යොමු කලේ තෙබුවන පදිංචි පුරවැසියකු වන ආර්.එම්.එ්.ආර්.විජේරත්න මහතායි. මහා ජනතාවගෙන් පඩි ලබන පොලිස් කොමිසම එම ජනතාවම පිඩාවට පත් කරමින් සිටි. 

මෙන්න එම ලිපිය. 

 "ඔබගේ කැඳවීම් අනුව මා 2012.12.19 දින පෙ:ව: 11.00 ට පැමිණියෙමි.

 ඔබ සිදුකළේ මාහට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පියවර ගැනීමක් නොව, මා අධෛර්යට පත්කොට - පොලිසියේ දුෂණ, අක‍්‍රමිකතා හා නීති විරෝධී ක‍්‍රීයාවන් නිවැරදි බවට ඔප්පු කොට -අපරාධකරුවන් වන පොලිසිය හමුවී ඔවුන් හා එක්ව මට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කරගන්නා ලෙසට උපදෙස් දීමය.

 තවද, පොලිසියේ නීති විරෝධී ක‍්‍රීයාවන් ඉදිරියේ - අප අසරණ වන බවත්, අවසානයේදී අප වැරදිකරුවන් වන බවත් ප‍්‍රකාශ කරන ලදි. එයින් අනතුරුව දැනට පොලිසිය පවරා ඇති බොරු නඩුවෙන් නිදහස්ව පැමිණෙන ලෙසටද දන්වන ලදි. 

 මා ඔබගෙන් එක් පැනයක් අසමි. මේ ටික කියන්න මා කැඳවූයේ ඇයි ? යන්නයි. 

ඔබගේ නොහැකියාව, වංචාව, අප වැනි අසරණයින් පෙලීමට යොදා නොගන්නා ලෙසට ඉල්ලමි."  -->