ස්ත්‍රී දුෂණ;- ඉන්දියාවේ කාන්තා ආකල්ප පිළිබද පෙරලියක්.



හර්ෂි සි. පෙරේරා 

බස් රථයක් තුලදී සිසුවියට එරෙහිව එල්ල වූ ප්‍රහාරයෙන් පසුව පුද්ගලයින් සය දෙනෙකුට මරණ දඩුවමට මුහුණ දීමට සිදුව ඇත. ඇගේ මරණය ඉන්දීය ජාතියේ කාන්තා ආකල්ප පිළිබද පෙරළියකට හේතු වී තිබේ. මිට සති දෙකකට පෙර දිල්ලි හි බස් රථයක් තුලදී ස්ත්‍රී දුෂණයට සහ මාරාන්තික ප්‍රහාරයකට ලක්වූ 23 හැවිරිදි වයිද්‍ය සිසුවිය සිකුරාදා මද්යම රාත්‍රියේ සිද්දියේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ තුවාල නිසා මිය ගියාය. සෙනසුරාදා චුදිත පුද්ගලයින් සය දෙනාට මිනීමැරුම් චෝදනා එල්ල විය. ප්‍රවීන ක්රියදරයකු සහ කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරයකු කියා සිටියේ දේශපාලන කැමැත්ත සහ උවමනාව ඇත්නම් මෙය නෛතිකව සංදිස්ථානයක් වන වා මෙන්ම පුළුල්ව ගත් කල ඉන්දියාවේ තරුණ කාන්තාවන් සම්බන්දයෙන් මෙය සංදිස්ථානයක් වන බවයි. ඔවුන්ට ඔවුන්ගේ එක්සත්කමේ හඩ පිළිබද දැක්මක් සහ සංවේදීතාවක් ලැබී ඇති අතර එය තීරණාත්මක බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිලිබදව කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්දි මවක සහ ගැහැනියක ලෙස කියා සිටියේ පිරිමින් විපාකයකින් තොරව සිදුකරන ස්ත්‍රී දුෂණ ගැන පවත්නා ලැජ්ජාසහගත සමාජ ආකල්ප වලට සහ මානසිකත්වයට විරුද්දව කටයතු කිරීමේ උත්සාහයන්ට තමන් ආයාචනය කරන බවයි.-->