ඇමෙරිකානු දේශපාලනයේ කන පිට

කුම්බකර්ණගේ පොලිටික්ස්

බරක් ඔබාමා චන්ද මධ්‍යස්ථාන  275ක බලය ලබා ගනිමින් නැවතත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් ව ඇතැයි  නිවේදනය  විමත් සමගම ඇමරිකාව තුල හට ගැනුනේ මහා කලබලකාරී තත්වයකි .ජනාධිපති  ඔබාමා ගේ ආධාරකරුවන්  වාහනවල නැගී විදි පුරා සැරි සරන්නනට විය.ඔවුන් අත පොලු ,කැති ,යකඩ පොලු,තුවක්කු ද විය.විශේෂයෙන්ම ඔබාමා පරාජට පත් වූ ආසන ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කවිය. ගෙවල් ගිනිබත් කරමින් චන්දදායකයන් පොලු ගසමින් ඔවුන් සැරිසරන්නට විය.ඒ කිසිවෙක්  අත් අඩංගුවට නොගන්නා ලෙස ඔබාමා අණ  දී  ඇත.අතේ රැදී ලැයිස්තු බලමින් ඔවුන් නිවාස කඩා බිද දමමින්  ,කාන්තාවන් 
දුෂනය කරමින් ,ගේ දොර මංකොල්ලකන්නට   විය.ඒ අතර නිව්යෝක් නගරය පුරා පරාජිත  මිට්  රොමිනි සහ  බින්ලාඩන් අතට අත දෙමින් වැලදගන්නා සේයාරූ සහිත පෝස්ටර් අලවා තිබිණි. කුණාටුවෙන් විපතට පත් රොමිනිට චන්දය  දුන්  පිරිස්වලට  කිසිදු සහනයක් නොදෙන ලෙස ඉල්ලා මහා  පෙලපාලිද සංවිධානය කර තිබුණි. මේඅතර මිට්  රොමිනි දිනනවා යයි කිවූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් රැගෙන ඔබාමා හමුවිමට මාධ්‍ය කරුවන්ගේ  පෙලපාලියක්   යනු දක්නට ලැබුණි.ඔවුන් ඉල්ලා සිටියේ මේම මාධ්‍යකරුවන් දේශ ද්‍රෝහින්  නිසා බින්ලාඩන්  ගේ මුදල්වලට ලියන කියන එවුන් නිසා  ඇරිසෝනා ප්‍රාන්තයට වහාම   යවන ලෙසයි.ඒ වගේම ඔබාමා දිනන බව  ස්ථීරවම  කියාසිටී පේරු රටේ යකැදුරන්ට ඇමරිකාවේ පුරවැසිභාවය දිය යූතුය යන්න ඔවුන්ගේ තවත් ඉල්ලීමක් විය.පේරු යකැදුරන්ගේ නායකයා වූ අන්දිස්ගි හෙවත් ජුවන් ඔස්කෝ ගේ පින්තූර අතැතිව උද්ඝෝෂකයින් දැඩිව කියාසිටියේ ඔහුව

''වයිට් හවුස්‌ ''එකේ රදවාගෙන ඔබාමාගේ ප්‍රධාන නැකත්කරු කරගත යුතු බවයි.

කෙසේ වෙතත් ඔබාමාගේ ආධාරකරුවන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා  සිය ගානක් මරුමුවට පත් වී ඇතයි කියන කතාද,කිසිදු ස්ත්‍රී දුෂණයක් සිදුවී නැතයිද, නිවාස හානි හෝ වෙනත් කිසිදු ප්‍රචන්ඩ  සිදුවිමක්  නොවී ඇතයි ද ඔබාමාත් ඔහුගේ ආරක්ෂක ලේකම්වරිය හා ඇමති මණ්ඩලයත්,  පොලිස් මාධ්‍ය  ප්‍රකාශකයාත්  සමස්ත ඇමරිකන් මාධ්‍ය හරහා   තරයේ  කියාසිටි.සිය පරාජය  දරාගත නොහැකිව රොමිනි මේ අවලාද නගන බවද ඔහුගේම ආධාරකරුවන් දෙකට බෙදී යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ ආසියානු හා මැදපෙරදිග  කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේයයි ද  ඔබාමා තරයේ  කියා සිටි.මේ කුමන්ත්‍රනය පිටුපස මුස්ලිම් හා සිංහල  ඩයස්පෝරාව  සිටින බවට සාක්‍ෂි තිබෙන බවට ද ඔවුන් කරුණු ගෙනහැර දක්වයි .  කෙසේ වෙතත්  අපරාධයක් සිදුවී ඇතිදැයි පරීක්ෂ  කිරීමට ඔබාමා විසින් විශෙෂ පොලිස් කණ්ඩායම් පහක් පත් කර ඇතයි ද නිවේදනය කෙරුණි.නීතිය අකුරටම ඉටුකරන ලෙසද ජනාධිතිවරයා නියෝග කොට ඇත.
   
මෙවැනි අපරාධ  ඇමරිකාවේ සිදුවීම පිලිබදව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ශ්‍රීලන්කාවත් බලවත් විස්සෝපයට පත් වී ඇතයි ද වාරතා වුනි. .විශේෂයෙන්ම මෙවැනි දෑ  ඇසිමෙන් හා දැකීමෙන් තම යටත්  වැසියන් ප්‍රචණ්ඩ වේවියැයී  බියට  පත්ව ඇත්ත තතු  ප්‍රචාරය නොකරන  ලෙස ශ්‍රී ලංකා  ජනාධිපතිවරයා  අරලිය ගහ මැදුරේ  ලුණු මිරිස්,කිරිබත් කා වතුර බෝතලයත් රැගෙන  ආපසු යන මාධ්‍ය ඔස්තාර්ලාට ඇගිල්ලෙන්  බුරියට  ඇන  කර ඇති  නියෝගයට විරෝධය පල කරමින්  මාධ්‍ය නිදහස රැක ගැනීම වෙනුවෙන් ඔවුන් බොහෝ දෙනා වාහන ණය මුදල හා ලැප් ටොප් පමණක් රැගෙන  රැකියා හැරදමා ගොස්  තිබුණි.ඔවුන්ගේ ගෝලයන්ද රැකියාවෙන් ඉල්ලා අස්වෙමින් සිටි.මේ සියල්ල අසමින් දකිමින් සිටි මා හට එක්වරම ඇසුනේ ආරක්ෂාව සදහා පටි දමාගන්නට  යයි කියන හඩකි..මම අවදි වී වට පිට බැලුවෙමි. ඇමරිකාණු  ජනාධිපතිවරණය වාර්තා කිරීමට ගොස් ආපසු එන මා රැගත්  ගුවන් යානය  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදී ජනරජයේ රාජපක්‍ෂ  නවතම ගුවන් තොටුපලට ගොඩ බාමින් තිබුණි.