2013 වසරේ අය-වැය හිඟය රු.කෝටි 50,740 යි


පාර්ලිමේන්තුවට ඊයේ (8 දා) ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් කෝටි 50,740 ලෙස ඇස්‌තමේන්තු කර ඇත.

ලබන වසරේ මුළු ආදායම රුපියල් කෝටි 1,27,790 ක්‌ ලෙසද මුළු වියදම රුපියල් කෝටි 1,78,540 ක්‌ ලෙසද අයවැයෙන් ඇස්‌තමේන්තු කර ඇත. මේ අනුව අයවැය හිඟය 2012 ට සාපේක්‍ෂව 2013 දී රුපියල් කෝටි 4220 කින් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ලබන වසරේ අයවැය හිඟය සියයට 6.2 සිට සියයට 5.8 ක්‌ දක්‌වා අඩුවීමටද නියමිතය. 


අයවැය හිඟය පියවන අයුරු 

විදේශ ණය ගැනීම් - රුපියල් කෝටි 8,600 යි 
 දේශීය ණය ගැනීම් - රුපියල් කෝටි 42,140 යි 
සමස්‌ත අයවැය හිඟය රුපියල් කෝටි 50,740