හර්ෂි සි. පෙරේරා
ඔහු නමින් චානක ප්රදීප් සදරුවන්ය. 19 හැවිරිදි අවිවාහක තරුණයකු වන මොහු රබා වැව ඉහල පුලියන්කුලම, පුත්තලමේ පදිංචිව සිටි. 2010.08.11 දින අලුයම 1 ට පමණ ඔහුව සාලිය වැව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රත්තරන් බඩු සිද්දියක් ගැන අසමින් ජීප් රථය තුලදීද ඔහුට පහරදී ඇත. ඒ උදලු මිටක් ආදාරයෙනි. පොලිස් ස්ථානයේ පිටුපසට ගෙන ගොස් ඔහුගේ ඇදුම් ඉවත්කර පහර දී තිබේ. පසුව අත් වල මාපට ඇගිලි වලින් එල්ලා කරකවා එල්ලූ කබයෙන් උස් පහත් කරමින් වදදී ඇත. චානක සමග නුවන් මහේෂ්ද සිට ඇත. දෙවන වරටද චානකව නිරුවත් කර එල්ලා උදලු මිටකින් පහර දී තිබේ. පසුව ඔවුන් දෙදෙනාවම පුත්තලම රෝහලට ගෙන ගොස් තිබුනද පොලිසිය කිවුවොත් මරණ බවට තර්ජනය කර තිබුන නිසා ඔවුන් පහරදීම ගැන කියා නැත. පසුව මහේස්ත්ත්රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්දනාගාර ගත කර ඇත. චානක ඇප ලැබෙන තුරු බන්දනාගාර රෝහලේ දින 21 ද පසුව දින තුනක් හලාවත රෝහලේද නේවාසිකව ප්රතිකාර ලබා ගෙන ඇත. රෝහල් පොලිසිය ප්රකාශයක් ගෙන ඇති අතර චානකව අද අදිකරණ වයිද්ය් නිලදාරිවරයාද පරික්ෂා කොට තිබේ. මෙය අපොස සාපෙළ විබාගයට සුදානම් වෙමින් සිටියදී සිදුවූ නිසා ඔහුගේ අද්යපනයද සම්පුර්ණයෙන් කඩාකප්පල් වී ඇත. මෙම වදහිංසා පැමිණවීම සිදු කර ඇත්තේ සාලිය වැව පොලිසියේ රාජේන්ද්ර, 23623 පෙරේරා, 61612 ගමගේ 49044 ජයකොඩි සහ 61573 හේරත් යන අය විසිනි.
-->