සාමය සඳහා පිලිපීන ආණ්ඩුව සහ කැරලිකරුවන් පියවර ගනී

පිලිපීන ජනාධිපති බෙනින්ගෝ අකියුනෝ සඳහන් කරනු ලැබුවේ තම ආණ්ඩුව සහ රටේ ප්‍රධාන කැරලිකරුවන් අතර රටේ සාමය සඳහා නව වැඩපිළිවෙලකට අවතීර්ණ වූ බවයි. 120,000 ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි කරනු ලැබූ වසර 40 ක් තිස්සේ ක්‍රියාත්මක වන යුද්ධය සාකච්චා මාර්ගික විසඳුමක් ඔස්සේ විසඳීමට එරට ප්‍රධාන කැරලි කණ්ඩායම වන මෝරෝ ඉස්ලාමීය විමුක්ති සංවිධානය සහ ආණ්ඩුව මේ ආකාරයෙන් නව ගිවිසුමකට එළඹ ඇති බවයි.

 අදාළ ගිවිසුම අනුව මුස්ලිම් වරුන් වැඩි පිරිසක් වෙසෙන දකුණු ප්‍රදේශයට අර්ධ ස්වංපාලන අයිතිය ලබාදීමට එකඟ වී ඇති බවත්, එය තමන්ගේ බලවත් සතුටට" හේතුවී ඇති බවත් , කැරලිකරුවන් උපුටා දක්වන මාධ්‍ය වාර්තා පේනවා දෙනු ලැබීය.