ඉස්ලාම් මුලදර්මවාදී විශේෂඥයා දැරියව දේව අපහාසයට හසු කරයි.

හර්ෂි සි. පෙරේරා

ලාබාල පකිස්ථාන ජාතික ක්‍රිස්තියානි ගැහැණු ළමයකු දේව අපහාසයට මරණ දඩුවම හිමිවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස හෙළ දකිනු ලැබිණි. ඒ කුරානය පිළිස්සීම යන චෝදනාවටය. නමුත් මෙම චෝදනාවට ඇයව හසුකර ඇත්තේ ඉස්ලාම් මුලදර්මවාදී විශේෂඥයෙකි. ඔහු නමින් හෆිස් මොහොමඩ් කලිඩ් ක්‍රිස්ටි වේ. ඔහුව සෙනසුරාදා රාත්‍රියේ අත්ඩංගුවට ගෙන ඇති අතර අදිකරණ විනිසුරුවරයා ඔහුව සති දෙකක් පොලිසිය යටතේ රදවා තැබීමට නියෝග කරන ලදී. දැරියට එරෙහි නඩුව දරුණු කිරීමට ඔහු කුරානයේ පිටු එකතු කල බවට ඔහුගේ සහායකයින් දෙදෙනෙක් ප්‍රකාශ නිකුත් කර ඇත. මෙම දැරිය සති දෙකක කාලයක සිට රැදවුම් බාරයේ සිටින්නේ එම ආගමික පොත ඇය විසින් පිලිස්සු බවට ඇගේ ඉස්ලාමාබාද් නිවස අසල මුස්ලිම් අසල්වැසියන් චෝදනා කිරීම නිසාය. රටේ දැඩි විවේචනයට පාත්‍රවූ දේව අපහාස නීති වලට අනුව මෙම අපරාදය බරපතල එකක් වන අතර වැරදිකරුවන් වීම මරණ දඩුවම හිමිවීමක් වේ. ක්‍රිස්ටිගේ මෙම ක්‍රියාවට විරුද්දවූ සගයකුට ඔහු තදින් කියා ඇත්තේ එම ප්‍රදේශයෙන් ක්රිස්තියනිකාරයින් ඉවත් කිරීමට කල හැකි එකම දේ මෙය බවයි.