උපුටා ගැනීම: දිවයින කතුවැකිය - සැප්තැම්බර් 26
දැනට දෙවසරකට පෙර මියගිය තම සැමියාට දාව උපන් වසර පහ, නවය හා
එකොළහ වයසේ පසුවන දැරියන් තිදෙනකු හදා වඩා පෝෂණය කර පාසල්
යෑවීමට නොහැකි බව පවසමින් බේරුවල බුබලකන්ද කරන්නාගොඩ ප්‍රදේශයේ
මවක් පෙරේදා බේරුවල පොලිසියට පැමිණ තම දරුවන් භාර දුන්නාය.
තම දරුවන් පෝෂණය කළ නොහැකි යෑයි ඔවුන් වසදී මරා දමන හෝ ඔවුනුත් සමඟ ගඟකට පනින මව්වරුන් සහ පියවරුන් පිළිබඳ පුවත් නිතර අසන්නට ලැබෙන කාලයක ඉහත කී මව පිළිබඳ ප්‍රවෘත්තියත්, ඊට ටික දිනකට පෙර වාර්තාවූ ඊට සමානම ආකාරයකට කටයුතු කළ පියකු පිළිබඳ ප්‍රවෘත්තියත් අපට ගෙන එන්නේ ප්‍රවෘත්තිමය වටිනාකමක් පමණක් නොවේ.
එය අපගේ සමාජයේ පවත්නා සැඟවුණු ඛේදයක නොවැළැක්‌විය හැකි පොලා පැනීමක්‌ද වෙයි.
මේවා හුදු පුද්ගල ඛේදවාචක ලෙස හෝ තනි තනි සිදුවීම් වශයෙන් හෝ සැලකීමට කැමැති දේශපාලනඥයන්, සමාජ නායකයන් අත මේවා විස්‌තර කිරීමට අවශ්‍ය හරබර කතා කොතෙකුත් තිබෙනවා විය හැකිය.
සමාජය පිරිහීම, සමාජ සාරධර්ම පිරිහීම, මව් - පිය භූමිකාවන් අන්තරස්‌දානව පැවතීම ආදී වශයෙන් රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් තොරතෝංචියක් නොමැතිව විසුරුවා හැරෙන එබන්දන් ගේ අදහස්‌වලින් මේ ඛේදවාචකයේ සැබෑ යථාර්ථය හෙළිදරව් නොවන්නේමය යන්න දැන් අපගේ විශ්වාසයය.
මේ රටේ වර්තමාන සමාජය ඉහළ පංතිය, මධ්‍යම පංතිය සහ පහළ පංතිය (දුප්පත් පංතිය) යනුවෙන් විභේදනය කිරීම තවදුරටත් යථාර්ථයක් නොවනවා පමණක් නොව කෙප්පයක්‌ද වෙයි. අද එය විග්‍රහ කළ යුත්තේ පහත සඳහන් ආකාරයටය.
1. වරප්‍රසාද ලත් ඉහළම පංතිය
රටේ සියලුම සිවිල් බලය සේම දේශපාලන බලයද හිමි මේ මිනිසුන්ට මුදල් උනන උල්පත්ද, මුදල් කඩාවැටෙන මෝසම් වැසිද, මුදල් ගසාගෙන එන සුළි සුළං ද තිබේ. ඔවුන්ට කළ නොහැක්‌කක් නොමැති අතර අවශ්‍ය නම් මුදල් මැවීමද කළ හැකිය.
2. ඉහළ පංතිය
මොවුනටද මුදල් ඕනෑතරම් තිබේ. දේශපාලන බලය එතරම් නැත. එහෙත් අවශ්‍ය විටෙක එය ලබාගන්නා ආකාරය ඔවුහු හොඳින්ම දන්නෝය.
3. මධ්‍යම පංතිය
ආර්ථික අතින් එතරම් අනාරක්‍ෂිත නොවෙතත් තම ආර්ථික හා සාමාජික අවශ්‍යතා කිසිවිටෙක මුළුමනින්ම සපුරා ගැනීමට නොහැකි පංතියකි. ක්‍රිකට් තරග නැරඹීමෙන් හා කුණු මෙගා ටෙලිනාට්‍ය නැරඹීමෙන් ජීවිතයේ සියලුම ප්‍රශ්න අමතක කරන්නන් බහුතරයක් වෙසෙන්නේ මෙම පංතියේය.
4. පහළ පන්තිය
රජයේ හෝ පෞද්ගලික අංශවල ලිපිකරු, කම්කරු ශ්‍රේණින්ද, ගම්වල දුප්පත් ගොවියන්ද ඇතුළත් මේ මිනිස්‌සු කනවා, බොනවා මෙන් පෙනුනද ඔවුන් කන්නේ බොන්නේ මොනවාදැයි ළිප්වත් නොදන්නේ යෑයි කියනු ලැබේ.
5. අන්තිම පහළ පන්තිය
රටේ ජීවත්වන වැලේ වැල් නැති අන්ත අසරණ මනුෂ්‍යයන් බහුතරයක් මේ පංතියට අයත්ය. මේ පංතියට අයත් පවුල්වල දෙමව්පියනට බොහෝ විට රැකියාවක් නොමැත. රැකියාවක් තිබුණද එයින් ලැබෙන සොච්චමෙන් ජීවිත පවත්වාගෙන යා නොහැකිය. රටේ ආර්ථික පීඩනය පහළ පංතියට හා මධ්‍යම පංතියට දැනෙන්නේ කිලෝ දහයක බරින් නම් මොවුනට දැනෙන්නේ කිලෝ සියයක පමණ බරකිනි.
මේ අන්තිම පහළ පංතියේ මනුෂ්‍යයන් ජීවත් කරවීම උදෙසා පෙර පටන් ක්‍රියාත්මක වූ විවිධ වැඩසටහන් හා ව්‍යාපෘතීන් මේ රටේ නොතිබුණා නොවේ. එහෙත් ඒවායින් අපේක්‍ෂිත ප්‍රතිඵල අපේක්‍ෂිත ප්‍රමාණයෙන් කිසිවිටෙක ඉටු නොවූයේ මන්ද යන්න තවමත් නිසියාකාරව සොයා බැලීමකට ලක්‌ව නැත. හුදු ඡන්ද කාලයකටම මිස වෙනත් කිසිදු කාලයකදී ඕනෑම දේශපාලනඥයකුට අමතකවන මේ මිනිසුන් වෙනුවෙන් අවංකවම මැදිහත් වන විපක්‍ෂ දේශපාලනඥයන් තබා සමාජ ව්‍යාපාරවත් නැත. මේ සමාජ කාණ්‌ඩයේ දරුවෝ පාසල් නොයති. නොයෙකුත් සමාජ අපචාරවල ගොදුරු බවට පත්වෙති. රටේ සියල්ලන් ලඡ්ජා විය යුතු තරමටම ඔවුහු කුසගින්නේ පසුවෙති. කළ යුත්තේ ඔවුනට සදාචාරය ඉගැන්වීම හෝ බණ දේශනා කිරීමට යැම නොව ජීවත්වීම සඳහා මඟක් පාදා දීමය.
අප මුලින්ම සඳහන් කළ පරිදිම ඒ තරම් මුදල් නැති නාස්‌ති කරන, ඒ තරම්ම මුදල් අනුභව කරන වරප්‍රසාද ලත් ඉහළ පංතියට තම විනෝදය පිණිස හෝ මේ අසරණයන් දෙස බැලිය නොහැක්‌කේ මන්දැයි අපි අසමු.
රටේ සියලුම පංතීන්ගේ ආණ්‌ඩුව වන ආණ්‌ඩුවකට අප මුලින් සඳහන් කළ ප්‍රවෘත්තියෙන් විස්‌තර කෙරෙන අසරණයන් සුත - මුදිත කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළකට යා නොහැක්‌කේ මන්ද?
රටේ සැණකෙළි කීපයක් අහෝසි කිරීම මගින් පමණක් එය කළ හැකි බව අපගේ විශ්වාසයයි.