මෙන්න නියම වීරයෝ


l අමිල ගුණරත්න

  යාපනයේ මහමග වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලාගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප‍්‍රල් ටිකිරි බණ්ඩා විසින් එය නියම අයිතිකරුට භාර දී තිබේ. එම පසුම්බිය යාපනය, පුත්තූර් ප‍්‍රදේශයේ එම්. තේවමනී නම් කාන්තාවක සතු එකක් බව පසුව අනාවරණය වී තිබේ. පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා තේවමනී මහත්මිය ඇය සතු රන් ආභරණ බැංකුවට උකස් කර එම රු: 41000.00ක මුදල ලබාගෙන ඇත. නමුත් අතපසුවීමකින් එම පසුම්බිය මහමග හැලි තිබේ. තේවමනී මහත්මිය ගේ පසුම්බිය තිරුණල්වේලි ප‍්‍රදේශයේ රාජකාරි කරමින් සිටි 05 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප‍්‍රල් ටිකිරි බණ්ඩා විසින් අහුලා ඇති අතර එය අණදෙන නිලධාරි මාර්ගයෙන් යලි අයිතිකරියට දී තිබේ. දුප්පතුන්ගේ ටකරන් හොරකං කරගෙන කෑ දේශපාලකයන් සිටි රටක සෙබලාගේ රැෂන් කෑම වලින් සල්ලි ගසා කෑ හමුදා ලොක්කන් සිටි රටක කෝප‍්‍රල් ටිකිරි බණ්ඩා වැනි අවංක මිනිසුන් නියම වීරයෝ වෙති.