නුගේගොඩදී මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය පැහැර ගැනීමට පන්නයි

රහස් පොලිස් නිලධාරීන් විසින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා පැහැර ගෙන යාමට අද සවස 4.00 ට පමණ දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට .ඔහුගේ ස්ථානොචිත ප්රිඥාව නිසා හැකිව තිබේ.

ශාන්ත විජේසූරිය මහතා අද සවස නුගේගොඩ සුපිරි වෙළද සැළ පිටුපසින් ගමන් කරත් දී අසලින් තවත් මිතුරකු සමග ගමන් කරමින් සිටියදී ඔවුන් ඉදිරියේ සැක සහිත ලෙස සිටි ඔහු මෙයට පෙර දන්නා රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු දැක ඇත.

ඔවුන්ගේ හැසිරීම ගැන සැක සිතුණු විජේසූරිය මහතා ඔවුන්ව මග හැර නුගේගොඩ සිනමා ශාලාව දෙසට ගමන් කර ඇති අතර එවිට තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහු ඉදිරියට පැමිණ තිබේ. ඔවුන්ද මග හැර ස්වයං රැකියා කාර්යාලය දෙසට යන විට එහි තවත් රහස් පොලිස් නිලධාරීන් සැක සහිත ලෙස සිටිනු දැක ඇත.

පසුව ඒ සියලු දෙනා මග හැර යාමට උත්සාහ කිරීමේදී ඔහු වෙත පැමිණි රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ශාන්ත විජේසූරිය මහතා පැහැර ගෙන යාමට උත්සාහ දරා ඇති අතර ඔහු තමන් අත වූ බෑගයෙන් පහර දී, ත්රිා රෝද රතයක නැගී වහාම පලා ගොස් තිබේ.

එසේ යන විටද තවත් පිරිසක් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කර ඇති අතර ඒ අවට සිටි ජනතාවගේ අවධානය ඒ දෙසට යොමු වීමත් සමග රහස් පොලිසියේ පිරිස මඟහැර ගොස් ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය‍වේදී ශාන්ත විජේසූරිය මහතාට ආණ්ඩුවෙන් හා ආණ්ඩුවේ නිල හා නොනිල මැරයින්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල විය. ඔහු මාධ්‍යවේදියකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වේ. මැත කාලිනව දේශපාලන පාතාලය සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද ගවේෂනාත්මක ලිපි රජයේ බලධාරින්ගේ වෛරයට හේතු වි ඇතැයි සැලකේ. මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ශ්රීි ලංකා එක්ස් වේබ් අඩවියේ විශේෂාග ලේඛකයකු ලෙස සේවය කරයි.

මේ අතර අද රජයේ දිනමිණ පුවත්පත් වාර්තා කර ඇත්තේ රැවන් පර්ඩිනැන්ඩස් දහ තවත් ජනමාධයවේදීන් දෙදෙනෙකු පිටුපස පොලීසිය පන්නමින් සිටින බවයි. ඉන් එක් මාධ්‍යවේදියකු වනුයේ ශාන්ත විජේසූරිය බව තතු දත් ආරංචි මාර්ග දක්වයි.