වවුනියාව බන්දනාගාරයේ අර්බුදය ජාතිවාදයේ ප්‍රතිපලයක්ද?


හර්ෂි සි. පෙරේරා

නැත. මෙය සිංහල දෙමල මුස්ලිම් යන බේදයකින් තොරව මෑත ඉතිහාසය තුල බන්දනාගාර රැසක ඇතිවූ තත්වයකි. උදාහරණ ලෙස මැගසින්, අනුරාදපුර බන්දනාගාර දැක්විය හැක. මේ සියල්ලට වගකිව යුත්තේ බන්දනාගාර පරිපාලනයේ පවතින අක්‍රමිකතා සහ යුක්තිය පසිදලීම තුල ඇති කඩා වැටීමයි. බන්දනාගාර තුල චෝදනා ගොනු නොකට දීර්ග කාලයක් රදවා තබාගෙන සිටින්නේ දෙමල දේශපාලන සිරකරුවන් පමණක් නොවේ. එයට සිංහල දෙමල මුස්ලිම් යන බේදයක් නැත. මෙසේ රිමාන්ඩ් එකේ සැකකරුවන් අවුරුදු 07,10 වැනි කාලයක් රදවා ගන්නේ කාගේ උවමනාවටද? වවුනියා බන්දනාගාරයේ උද්ගතවූ වාතාවරණය මැඩලීමට දෙමල දේශපාලන සිරකරුවන්ට පහරදීම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුව ඇත. රජයේ නිතිය ක්‍රියාත්මක කරන්නන්ට අත්තොනොමතිකව හැසිරිය නොහැක. එසේවුවහොත් ඔවුන්ද වැටෙන්නේ ප්‍රචණ්ඩකාරී වූ දේශපාලන සිරකරුවන්ගේ තත්වයටමයි. බන්දනාගාර තුල මෙම අර්බුදය අවසන් කිරීමට නම් එහි පරිපාලනය දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් නොපමාව ක්‍රියාත්මක කල යුතුව ඇත.