සියල්ල අවසන සුකි ගවුරව උපාදියෙන් පිදුම් ලදහ.



වසර 24 කට පසුව මවුබිමෙන් පිටත ඔක්ස්ෆෝඩ් සරසවියේදී සුකිට සිය ගවුරව උපාදිය හිමිවිය. 1993 දී සිවිල් නිතිය සම්බන්දයෙන් මෙම ගවුරව උපාදිය ඇයට හිමිවුවද මියන්මාරයේ නිවාස අඩස්සියට පත්වීම නිසා එය ලබා ගැනීමට නොහැකි විය. ඇයට මේ සදහා දිගු කාලයක් බලා සිටින්නටද සිදු වුනි. ඇය සිය කෘතවේදීත්වය ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට පල කරමින් කියා සිටියේ මෙම විදුපියස සිර අඩස්සියේ සිටි කාලය තුල තමනට මනුෂ්‍යත්වය දෙස සුබාෂිතව බැලීමට අවශ්‍ය නිපුණතාවය ලබා දුන් බවයි. ඇය මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ මේ හා සමාන අත්දැකීමක් මියන්මාරයේ තරුණ පිරිසට නැත්තේ එහි විශ්ව විද්‍යාලිය අද්‍යාපනය කඩා වැටී ඇති නිසා බවත්ය.
 
හර්ෂි සි. පෙරේරා