ආණ්ඩුවේ වැඩක් ! - ජේ වී පි ; ආණ්ඩුවේ කැත වැඩක් ! - ජනතාව


ඊයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාතනය කෙරිණි. මෙය ආණ්ඩුවේ වැඩක් බව ජේ වී පිය ස්රිජුව ආණ්ඩුවට ඇගිල්ල දික්කර සිටි. මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩක් බව පෙන්වීමට ආණ්ඩුව උත්සහ ගත්තද එය එසේ නොවන බව ජේ වී පි හි ටිල්වින් සිල්වා මහතා කියා සිටියි. තමන්ට ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කිරීමට අවශ්‍ය බවත් මෙම කරුණ ජාත්‍යන්තරයට ගෙන යන බවත් වගකිවයුත්තන්ව නිතිය හමුවට පමුණුවන බවත් හෙතෙම වැඩි දුරටත් සදහන් කරයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුල විපක්ෂ කණ්ඩායම් වලට නිදහසේ කටයුතු කිරීමට ඉඩ තිබිය යුතුය. ආණ්ඩුව වෙනස් කිරීමටද ඔවුන්ට අන් අය සමග සාකච්චා කල හැක. එවැන්නක් ප්‍රචණ්ඩකාරී වුවහොත් පමණක් වැළැක්විය හැකි අතර එම වැළැක්වීමද නීතියට අනුකුලව සිදුවිය යුතුව ඇත. ජනතාව අගය කරන්නේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදයක් මිස මිනීමරු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ.

හර්ෂි සි. පෙරේරා