උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කල යුතුය

| රණ රාල

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කල යුතුය. හමුදාව විසුරුවා හැර පොලිසි වලට කොස්තාපල්වරු ස්වල්පයක් පත් කල යුතුය. ඉස්සර කොටි ත්‍රස්තයන් හොරෙන් ආයුධ ගොඩබෑ ස්ථාන වලින් හමුදාව , නාවික හමුදාව ඉවත් විය යුතුය. මෙසේ කල විට යලිත් ඉතිරිව සිටින එල් ටී ටී ඊ සාමාජිකයන්ට ආරම්භක කාලයේදී වගේ පාපැදි වලින් ගොස් පොලිස්කාරයන්ට වෙඩි තැබිය හැක. පොලිස් ස්ථාන වටලා කොස්තාපල්වරු මැරිය හැක. යලිත් උතුර අසූ ගණන් වල වගේ තත්වයකට ගෙන ආ හැක. මෙසේ කිරීම මගින් ලැබෙන වාසි මෙන්න.

1) ආණ්ඩුවට යලිත් යුද සමයක් උතුරට ලබා දිය හැකිය
2) යුද තත්වය නිසා උතුරට දේශපාලන විසඳුම ප්‍රමාද කල හැකිය
3) ආයුද ගෙන්වා කොමිස් ගැසිය හැකිය.
4) ආණ්ඩුවට විරුද්ධව ලියා පිටරට එසයිලම් ලබා ගැනීමට අපේ ලියනප්පුලාට ඉඩකඩ ලැබේ.
5) යලිත් එන් ජී ඕ ඇති කර ජීවන මාර්ග සදා ගත හැකිය
6) යලිත් අපට රණ විරුවන් ඇති කර ගත හැකිය , පුවත් පත් වලට රණවිරු උපහාර යලිත් පටන් ගත හැකිය
7) තව තවත් උතුරේ ද්‍රවිඩයන් බටහිර රටවලට සරණාගතයන් වශයෙන් යවා විදේශ විනිමය ගෙන්වා ගත හැකිවීම
8) දේශප්‍රේමය ඉදිරියට දමා ජනතාව අන්ධ කොට පාලකයන්ට පාලනය කරදරයකින් තොරව ගෙන යාමට හැකි වීම
9) ද්‍රවිඩ ඩයස්පෝරාවේ වෙළෙන්දන්ට යලිත් හිටු කියා පිටරට සිටින ද්‍රවිඩයන්ගෙන් ඩොලර් එකතු කල හැකිය
10) ද්‍රවිඩ ඩයස්පෝරාවේ මුදල් කොටියාට ආවඩන දකුණේ දේශපාලකයන්ටද සමාජ ක්‍රියාධර මානව හිමිකම් සුරකින වෙලෙන්දන්ටද ගලාගෙන ඒම. එමගින් දකුණේ ආර්ථිකය ශක්තිමත් වීම.
11) ද්‍රවිඩ දේශපාලකයන්ට හිගන්නාගේ තුවාලය මෙන් ද්‍රවිඩ ප්‍රශ්නය දේශීයව සහ විදේශීයව විකුණා ජිවත් වීමට හැකි වීම
12) සැබෑ සමාජ ප්‍රශ්න වලට විසදුම් නොදී ආණ්ඩුවට යුද්දය පෙන්වා සදාකාලිකවම ජනතාව ගොනාට ඇන්දීමට හැකි වීම
14) තමිල්නාඩුවේ දේශපාලකයන්ට තමිල්නාඩුවේ ජනතාවගේ ජීවන මට්ටම ඉහලට දැමීමට කරදර නොවී තමිල්නාඩුවේ ජනතාවට උතුර පෙන්නා තමන්ගේ මඩිය තර කර ගැනීමට හැකි වීම
15) සෑම කාලයකම සතුරන් අවශ්‍යව අපගේ සමාජයට සතුරන් ලැබීම සහ විමල් වීරවංස වැනි දේශපාලකයන්ට කතා කිරීමට මාතෘකා ලැබීම. එසේම කිසි දැක්මක් , දැනුමක් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් නැති මෙවැනි හිස් මිනිසුන් අපේ සමාජයේ වීරයන් බවට පත් වීම
16) පාරමිතා පිරීමට පාර්ලිමේන්තු ගොස් තමන්ට මෙලොව ස්වර්ග රාජ්‍ය ඇති කරගත් හෙළ උරුමයේ වෙළෙන්දන්ට තව තවත් ධනය බලය ගලාගෙන ඒම
17) මේ කලබල අස්සේ ගල්කටස් දේශප්‍රේමීන්ට බස් ගිනි තැබීමට , රජයේ ගොඩනැගිලි විනාශ කිරීමට ගම් වල ග්‍රාමසේවක / විදුහල්පති / බිම් මට්ටමේ දේශපාලකයන් / තම සංවිධානය හැර ගිය ද්‍රෝහියන් / ගම් වල කසිප්පු ටිකක් පෙරාගෙන ජිවත් වන දුගියන් මරා දැමීමට ඉඩකඩ ලැබීම
18) මේ විකාර බලාගෙන සිටීමට බැරි හුදී ජනයන්ට පහුරක් හෝ තනාගෙන ඔස්ට්‍රේලියාව වැනි රට වලට යාමට සිතීම සහ එමගින් ලංකාවේ නාවික කටයුතු වල ප්‍රබෝදයක් ඇතිවීම
19) මේ තත්වය යටතේ ගොවීන්ට වහ කෑමට සිදු වීම සහ එමගින් කෘෂි අතිරික්තය වෙළඳපොළට ගලාගෙන නොයේම. පොහොර සහනාධාරලාභීන් අඩුවීම
20) මේ වාතාවරණය යටතේ විශ්ව විද්‍යාල වල වර්ජන ඇති වීම හේතු කොට ගෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙදර සිට වැඩ නොකොට පඩි ලැබීම සහ ඔවුන්ගේ අතිරික්ත කාලයේදී දොරමඩලාව වැනි වැඩසටහන් වලට ගොස් සමාජ ප්‍රශ්න වලට පිළියම් කීම , දේශපාලන පක්ෂ වලට කඩේ යාම කල හැක. විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඉසුරුපාය ඉදිරියේ උපවාස කරන රැකියා විරහිත උපාධිධාරින් එන්න එන්න අඩුවීම. එමගින් පාර අවහිර වීම නිසා ඇතිවන ඉන්ධන නාස්තිය අඩුවේ.