පැය 48 ක් පොලිසියේ රදවා ගැනීම නොහොත් නරියාට කුකුල් කුඩුව බාරදීම.



හර්ෂි සි. පෙරේරා

අද ඩේලිමිරර් ඊ පුවත්පතේ සහ මුද්‍රිත පුවත්පතේ පුවත් දෙකකි. එකකින් පොලිස් මාද්‍ය ප්‍රකාශ පොලිස් ස්ථාන වල වදහිංසා නොමැති බවත් නිශ්ශිත අපරාද සදහා පොලිසියේ රදවා ගැනීමේ කාලය පැය 48 දක්වා දීර්ග කලයුතු බවත් සදහන් කරයි. අනික් පුවතින් පානදුර පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අදිකරණයට පැමිණි සැකකරුවන් දෙදෙනෙක් අත්ඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට තිරිසන් ආකාරයට සැලකු අයුරු හෙළිදරවු කර ඇත. පොලිස් ප්‍රකාශක අමුඅමුවේ බොරු කියන බව මින් හුදක්ම පැහැදිලි වෙයි. පැය 48 ක් රදවා ගතහොත් වදහින්සාවට තවත් උඩගෙඩි දීමක් වේ. ඒ නිසා සාමාන්‍ය ජනතාව මෙම අලුත් නීතියට විරුද්ද විය යුතුය. මක්නිසාද ලංකාවේ වැඩියෙන්ම වදහින්සාවට පාත්‍ර වන්නේ සාමාන්‍ය මහා ජනතාව බැවිනි.