ඉන්දීය රහස් ඔත්තුකරු වසර 27 කට පසු සිය රට පැමිණෙයි.



හෙතෙම වසර 27 ක් ඔත්තු බැලීමේ වරදට පකිස්ථානයේ සිරගතව සිටියේය. ඔහු නිදහස්වූ බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කරන ලදී. පකිස්ථාන බලදාරින් සුරජට් සින්ව දේශ සීමාවේදී ඉන්දීය නිලදාරින්ට බාර දුන් බව වාර්තා වේ. ආතතිය සමනය කිරීමට මෙලෙස දෙරට විසින් සිරකරුවන් නිදහස් කිරීම සහ හුවමාරු කර ගැනීම මාසිකව සංවිදානය කරනු ලැබේ. තවද දෙරටේ විදේශ ලේකම්වරු ජුලි 04 වැනිදා නව දිල්ලියේදී හමුවීමට නියමිතව ඇත. දේශ සීමාවේදී සුළු වැරදි සදහා සිරගත වූ සිරකරුවන් දෙරට විසින්ම මුදාලිය යුතු බව සින් අවදාරණය කළේය.

හර්ෂි සි. පෙරේරා