අළුත් අවුරුද්ද ගොඩ යන්න

අවුරුද්ද ඇවිල්ලා පුරුදු TV කේන්දර කාරයො ටික ආයෙත් පලාඵල කියන්න අරං.අපලයි සුබයි මිශ්‍ර ඵල යි නොයෙකුත් දේවල්.එක එකා එක එක විදිහට කියනවා.අර චැනෙල් එකේ හොදයි කියන ලග්නෙට මේ චැනෙල් එකේ හොද නෑ.

එක එක පාට රෙදි පෙරවගෙන ලැප්ටොප් අරං ටක් ගාල සොෆ්ට්වෙයාර් එකෙන් පලාඵල කියන මිනිස්සු වැහි වැහැලා.මේ ගැන වරක් තස්ලිමා නස්රීන් ලිව්වා.අව සංවර්ධිත රටවල මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය හීන වෙනෙකොට විවිධ අන්ධ විශ්වාසයන් හරි පහසුවෙන් ඔලු ඇතුලට රිංගනවා කියලා.ඇත්ත මෙතන තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි ආත්ම විශ්වාසයක් නැතිකම.තමන්ගේ ඊලග තත්පරය ගැන තමන්ට බයයි.අභියෝග වලට බයයි.මේකයි ඇත්ත.මෙච්චර වටින ජිවිතයක් ඔලුවක් ලැබිලත් අපි ඊළග මිනිත්තුවට ලෑස්ති නෑ.

දැන් බලන්න උදේ හවස දෙයියො බුදුන් වැදල මිනිස්සු බහුතරයක් ඉල්ලන්නේ මොනවද? ඇතතටම ජීවිතේ දුකයි නිවන් යන්න Express pass එකක්ද? නෑ ඉල්ලන්නේ සැපවත් ජීවිතයක්.ඒකියන්නේ Benefits, Profits.මට අරක ඕන මේක ඕන .බිස්නස් දියුනු වෙන්න ඕන. මගුල හරියන්න ඕන. මේ ආත්මේ නැතත් එන ආත්මේ සැප ඕන.අර ලෙඩේ හොදකරගන්න,විභාග පාස්වෙන්න,මේවා නෙවෙයිද? එතකොට ආගම අදහන්නේ ප්‍රථිලාභ බලාගෙන නෙවෙයිද?එතකොට ආගම බිස්නස් එකක් වෙලා නැද්ද?

එතකොට දියුනු වෙන්න,හරියන්න,ගොඩදාගන්න short cutපෙන්නනආගම,පල්ලිය,පන්සල,දේවාලේ,ගල,ගහ,හෝ කේනදර කාරයා විතරක් නෙවෙයි ඕන බෙට්ටක් පට්ට hit වෙනවා.ඊට පසසේ ඌ හෝ ඒක භාරව ඉන්න උන් කොටිපතියෝ වෙනවා එකයි වෙන්නේ.අපි දුක් මහන්සිවෙලා හම්බ කරගන්න රුපියල මේ කොටිපතියොන්ට දීලා අපි හෙට ගැන බලා ගන්නවා.උන් කියන විදිහට හෙට වැඩකරන්න ගිහින් අපි තවත් ඇණ ගන්නවා. ආයෙත් වෙන එකෙක් පස්සේ යනවා.අර පූජාව මේ පූජාව හැම මගුලම කරනවා.ඔහොම ඔහොම මැරෙනකල් අපි ගොඩක් දෙනෙක් අපේ ජීවිත් මේ විජ්ජාකාරයින්ට උගස් කරලා උන්ගේ රූකඩ බවට පත්වෙනවා.

මේ රූකඩ චරිත වලින් ගැලවෙන්න.තමන්ගේ ආත්ම විශ්වාසය හොයා ගන්න.ඇත්ත තමන්ව ජීවත් කරවන්න අළුත් අවුරුද්දෙවත් හිතට ගන්න පුලුවන් නම් අපි ගොඩ.