ලන්ඩන් නගරාදිපති සමලිංගික විරෝදයට හරස් වෙයි.


හර්ෂි සි. පෙරේරා

ලන්ඩන් නගරාදිපති බොරිස් ජොන්සන් ක්‍රිස්තියානු ප්‍රචාරක වියාපාරයක් වූ "සමලිංගිකයින් විෂම ලිංගිකත්වය සදහා යොමු කිරීම යන්න ප්‍රවර්දනය" යන්නට මැදිහත්ව එය වැළැක්වීමට කටයුතු කල බව වාර්තා වේ. මෙම ප්‍රචාරක දැන්වීම අගනුවර බස් රථවල ඇලවීමට දින කිහිපයකට පෙර නගරාදිපති මැදිහත්වය එය ඉවත් කරන්නයි තම ප්‍රවාහන ප්‍රදානින්ට දැනුම් දී තිබේ. කන්සවෙටිවූ ඇන්ග්ලිකන් කණ්ඩායම් දෙකකගේ මෙම උත්සාහය සමලිංගිකත්වය වෙනුවෙන් ප්‍රචාර ගෙනයන්නන් අතර සහ දේශපාලනඥයින් අතර කෝපය ඇති කිරීමට හේතු වූ අතර ඔවුන් එය හැදින්වුයේ එකම වර්ගයක් පිළිබද බිතිකාවක් ඇත්තවුන්ගේ ක්‍රියාවක් ලෙසයි.