ප්‍රංශය : ඉන්දුනීසියානු තානාපති කාර්යාලය අසල බෝම්බ පිපිරීමක්


l කිශානි වැලිවිටිගොඩ

අද (21) උදය කාලයේදී ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලය අසලදී පාර්සල් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. සිද්ධියෙන් පුද්ගල හානි සිදු වී නොමැති අතර බෝම්බය පිපිරීමට ලක් වූ ස්ථානය අවට පිහිටි ගොඩනැගිලි වලට හානි සිදු වී තිබේ.

ප්‍රධාන පොලිස්පති බෝම්බය පුපුරා ගිය ස්ථානයට පැමිණි අතර ඔහු යටතේ සේවය කරන ප්‍රධාන පොලිස් නිලධාරියා විසින් සිද්ධිය ආවරණය කිරීමට පැමිණි වාර්තාකරුවන් හට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ නගරය පිරිසිදු කරන්නෙක් විසින් තානාපති කාර්යාලයේ පිටතින් ජනේලය අසල තිබු පාර්සලය විවුර්ත කළ පරික්ෂා කර ඇති අතර එය බෝම්බයක් බව හඳුනා ගත අවස්ථාවේදී ඔහු එම බෝම්බය එම ස්ථානයේම තබා ගොස් දුරකථන ඇමතුමක් මගින් පොලිසිය දැනුවත් කළ බවයි. එම කාලය අතරතුරදී බෝම්බය පුපුරා ගොස් ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ

පුද්ගල හානි සිදු වී නොමැති වුවත් බෝම්බය පුපුරා යාම හේතුවෙන් ඇති වූ ශබ්දය හේතුවෙන් අවට මහල් නිවාස වල ජීවත් වන පුද්ගලයන් කම්පනයට පත් වී තිබේ. මේ වන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් වගකීම කිසිම කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බවද වාර්තා වේ.